Sunday, March 6, 2011

සපෝටර් පෙම්වතිය වීමෙන් පසු පෙම්වතා සපෝටර් වීම.







මේක මේ ෆ්‍රස්ට් ලව් එක සම්බන්ධ කතාවක්.ෆ්‍රස්ට් ලව් එක ගැන කලින් දවසක් ලිව්ව නොවැ.බලනවනම් මෙතනින් ගියොත් බැලුවහැකි.එහෙම කම්මැලි අයට කතාව කෙටියෙන් කියනවනම් මගේ ෆ්‍රස්ට් ලව් එක පටන් ගත්තෙ දහම් පාසලේදි.ට්‍රයි කරපු කෙල්ල පැත්තක ඉන්නැද්දි අන්තිමට සපෝටර්ට තමා ආදරේ කලේ.ඒ උනාට ටික දවසක් ගියාට පස්සෙ කලින් ට්‍රයි කරපු කෙල්ලත් කැමතියි කියල නොකියා කියල තිබුන.ට්‍රයි කරපු කෙල්ලගෙ නම "භාග්‍යා".සපෝටර් "දුල්මිනි".

දැන් ඔන්න දුල්මිනිට එක හිතින් බොක්කෙන් ලව් කරගෙන ඉන්නවා.හැබැයි තාම කලින් ට්‍රයි කරපු කෙල්ල මේ මොනාවත් දන්නෙ නෑ.දැන් එයත් කැමතියි කියල දන්වල සපෝටර් අතේම පණිවිඩේ එවල තිබුනා.දැන් දෙන්නම දහම් පාසලුත් එනවා.මමත් යනවා.මගෙ හොඳම යාළුව "රුවනුත්" එනවා.ඉස්සරනම් කෙල්ලගෙ පස්සෙන් යනවා.ලියුම් දෙනවා,සපෝටර්ට කන්නලව් කරණවා වැඩ කෝටියයි.ඒ උනාට දැන් මුකුත් නෑ.සමහර විට කෙල්ල බලනව ඇති කැමති උනාට පස්සෙ ඒ ගමන කොල්ලට මොකද උනේ කියල.දුල්මිනිත් දහම් පාසලේදි වැඩි කතාවක් නෑ.ඇයි යාළුවට ද්‍රෝහි වෙලා වාගෙනෙ ඉන්නෙ.මාට්‍ටු උනොත් එහෙම යාළුකමත් ඉවරයිනෙ.මමත් කෙල්ල දැක්කම ඉස්සර වාගෙ පැනි පාරට යන්නෙ නෑ.භාග්‍ය කියන්නෙ පට්ට ලස්සන ටිකක් විතර ආඩම්බර කෙල්ලෙක්.මෙයාට ගමේ ඉස්කෝලෙ බුවෙකුත් කලින් බැහැල හිටියා.ඌ මැක්ස ඩයල් එකක්.ඌත් මෙයාට ට්‍රයි කරල බැරිම තැනම කොහෙද වෙන කෑල්ලක් දා ගත්තා.කොහොම හරි දැන් කෙල්ලට කොල්ලෙක් නෑ.හැබැයි මම දුල්මිනි එක්ක සෙට් කියල මෙයා තාම දන්නෙත් නෑ.ඔය අතරෙදි තමා ආතල්ම සීන් එක උනේ.මගෙ යාළුව රුවන කෙල්ල දිහා බලනව ටිකක් වැඩියි වාගෙ කියල මට තේරුනා.මට යාළු වෙන්නම අහල භාග්‍යත් ඌ එක්කල ටිකක් ‍ෆිට්.මම ට්‍රයි කරණ දවස් වල මෙයා එක්ක වචන දහයක්වත් කතා කරල නැතිව ඇති.මොකද කෙල්ල ලඟට ගියාම මට අට අනූවක් රෝග වැල‍ඳෙනවා.අනික කෙල්ලගෙ ලස්සනට මම නිකන් එතන හාල් පාරු චරිතයක්දෝ කියල සමහර වෙලාවට හිතෙනවා....හික්....

කොහොම හරි දැන් මගෙ යාළුව මම කලින් ට්‍රයි කරපු කෙල්ලට ට්‍රයි.රුවන් කියන්නෙ කළු කෙට්‍ටු සිරිබිරිස් ඩයල් පොරක්.භාග්‍ය කියන්නෙ සිරා කෑල්ලක්.දැන් මූට මේක වැටෙන්නෙ නෑ කියල මට 100%ක් ෂුවර්.ඒ උනාට මගෙ යාළුවට දැන් මට ඉස්සර හැදිල තිබුන ලෙඩේ හැදිල.පිස්සු ලෝකයයි.මම ඉස්සර මූට ඇනේ උනා.මූ දැන් මට ඇනේ වෙලා.එකම කෙල්ලට.දුල්මිනිට කියන්න පුළුවන් කියලයැ රුවනට භාග්‍යගෙන් අහන්න කියල.ඒකි බලයි මේ මොන මඟුලක්ද කියල.මූට මේකට බහින්න එපා කියල මට කියන්නත් බෑ.එහෙන් එයාලගෙ ස්කෝලෙ තව ඩයල් එකක් දෙකකුත් මේකට බැහැල.ඔය අතරෙදි ඉරිද හවසට දුල්මිනි ගනන් ක්ලාස් එකකටයි,භාග්‍යා ඉංග්‍රීසි ක්ලාස් එකකටයි ගියා.දෙකම තිබුනෙ හවසදෙකේ ඉඳල පහ වෙනකන්.ඔය ටයිම් එකේදි තමයි මම දුල්මිනිව ටෝක් කරන්න යන්නෙ.නිදහසේ පැයක් විතර ලව් කරන්න පුලුවන්.නිදහසේ කිව්වට මේ පාර්ක් වල එහෙම නෙමෙයි.එතකොට කෙල්ල දහය වසරෙ.ගමේ තියන අතුරු පාරකදි තමයි කෙල්ලව මීට් වෙන්නෙ.ඒක හරිම ලස්සන ගුරු පාරක්.දෙපැත්තෙම එරමිනිය කැලේ.අඩි දහයකට වැඩිය පාර පලල නෑ.පාර වැටිල තිබුනෙ ඔය කවුදෝ රජ්ජුරු කෙනෙක් ඉස්සර හිටිය කියල කියන නටඹුන් පොට් එකකට යන්න.ඉඳල හිටල හොරෙන් ඕකෙ පොල් කඩන පොරක්,නැත්තන් කසිය ෂොට් එකක් ගහන්න යන බුවෙක් දර හොයන්න ගිය කෙනෙක් වාගෙ ඇරුනාම වෙන කවුරු හරි ගියානම් ඒ හරිම අඩුවෙන්.ඔහොම කලින් ට්‍රයි කරපු කෙල්ලටයි ලෝකයටයි හොරෙන් සපෝටර්ගෙයි මගෙයි ප්‍රතම ප්‍රේම කතාව ලියවීගෙන යනකොට මොකද්දෝ ගාමන්ට් ෆැක්ටරියක් හදන්න කියලගමේ තිබුන සුන්දර පැත්තක් බැකෝ,එස්කැවේටර්,බුල්ඩෝසර් එහෙම ගෙනල්ල විනාස කරමින් පැවතුනා.ඒක හින්ද සමහර ගෙවල් වලට යන පාරවල් එහෙම අවහිර වෙලා තිබුනා.

දැන් ඔන්න එදත් සන්ඩේ ඊවිනින් එකක්.මම පාගල් එකේ හරියටම ටයිම් එකට සුපුරුදු ප්ලේස් එකට ස්ථාන ගත උනා.දුල්මිනිත් ක්ලාස් ඉවර උන ගමන්ම වාගෙ ආවා.දැන් එයාගෙ පොත් ටික බයිසිකලේ ලැගෙජ් එකේ එහෙම තියල පොල්ලට බර දීගෙන පෙම් පිළිසඳරෙ.(පොල්ල කිව්වෙ මේ....අර ඩබල් දාල එහෙම යන්නෙ ඒක හොඳේ).අපි හිටපු තැනින් එහා පොඩි වංගුවක් තියනවා.ටිකකින් මෙන්න බොලේ එතනින් කෙල්ලො සෙට් එකක් මතු උනා.මල කෙලියයි.භාග්‍යයි english ක්ලාස් එකේ තව එයාලගෙ ගෙවල් ලඟ තුන් දෙනෙකුයි.එතනින් දෙන්නෙක් අපේ වයසෙ අය.එක්කෙනෙක් අපිත් එක්ක ස්කූල් වෑන් එකෙත් යනවා.බඩු අතේ මාට්‍ටු.අර අලුතෙන් හදන ෆැක්ටරියෙ සීන් එක හින්ද එයාලත් ගෙදරට යන්න ෂෝට් කට් එකක් දාල.අපි දැක්ක විතරයි සෙට් එකම හොල්මන් උනා.එකියක්

"ආ....දෙන්න මොකද මෙතන......"

දැන් ඉතිං අහන්න කියන්න දෙයක් නෑ.ඔක්කොම දැක්කා.හෙට වෙනකොට පත්තරේ දැම්ම හා සමානයි.

"දුල්මිනි දැන්ම එන්නෙ නෑනෙ ,අපි යනවා...."

එහෙම කිව්වෙ භාග්‍යය.හෆොයි වෙච්චි වැඩක්.සීන් එක අතේම මාට්‍ටු උනාට භාගි දුල්මිනි එක්ක තරහ උනේ එහෙම නෑ.දෙන්නගෙ ෆ්‍රෙන්ඩ් ෂිප් එක එහෙමම තිබුනා.දැන් කියන්න ගියෙ යාළුව කෙල්ලට බැහැපු එකනෙ.
මූට තිබුන එක විශේෂ්‍යත්වයක් තමා කෙල්ලො ටෝක් කිරීමේ හැකියාව සහ,ලැජ්ජාව නැති කම.හැබැයි කාදලන් මූවි එකේ ජෝකර්ගෙ ලුක් එක තමා තියෙන්නෙ.බැලූ බැල්මට කියන්න බෑ කෙල්ලෙක් කැමති වෙයි කියල.ඊටත් වැඩිය මෙහෙම සුපිරි එකක්.ඒ උනාට මූ වැඩේ අතෑරියෙ නෑ.දැන් මගෙන් සපෝට් එකක් ගන්නත් බෑනෙ.රුවන තනියම ගේමට එන්ටර් උනා.හැබැයි මට කිසිම ෂුවර් එකක් නෑ කෙල්ල කැමති වෙන එක ගැන.ඇයි අප්පේ වෙච්ච දේවල්.විශ්වාසය කඩවීම්ම කීයක් උනාද?මූට වෙන එකකට බැහැපන් කියන්නත් බෑ.ඉස්සර මට වාගෙ තමා බාගෙට පිස්සු.භාග්‍යලගෙයි දුල්මිනිලගෙයි ගෙවල් තියෙන්නෙ ටිකක් කිට්‍ටුව.හවසට අපි දෙන්නම පාගල් දෙකේ ඔය පැත්තෙ පොඩි රවුමක් දානවා.දුල්මිනි සෙට් උනාට පස්සෙ රුවන ට්‍රයි උනාට මට භාගිලගෙ පැත්තෙ යාම තහනම්.එතකොට කෙල්ලගෙ මූන එල්ලෙනවා.ඔහොම,ඔහොම මාස තුන හතරක් ගියා.එදත් ඉරිද හවස් වරුවක්.මම සුපුරුදු පාරෙ වංගුව ලඟ කෙල්ල එනකන් ඉන්නවා.රුවනත් භාගිට පැනි පාර දාන්න අනිත් පැත්තෙන් ගියා.ටිකකින් දුල්මිනි ඇවිත්
"අන්න රුවන් අයියයි භාග්‍යයි එහා පැත්තෙ කතාව "
කිව්වා.අපි ඉතිං ඕක වැඩිය ගනන් ගත්තෙ නෑ.රුවන මට මේ ගැන මුකුත් කිව්වෙත් නෑ.මම හිතුවෙ මූ මේ අහනව වෙන්න ඇති කියල.ඔන්න ඊලඟ සතියෙ,රුවනට සනීප නෑ උන ගැනිල.දුල්මිනියි මමයි ඉන්න තැනට මීටර් 100ක් විතර එහායින් පරණ ට්‍රයි එක හිටගෙන පෙර මඟ බල,බලා ඉන්නවා.විනාඩි පහලොවකට විතර පස්සෙ හිමීට අපි ඉන්න තැනට ඇවිත් දුල්මිනිට මොනවදෝ කියනවා.බොලේ මේ කියල තියෙන්නෙ මට කියන්නලු රුවනට දැන් එන්න කියන්න කියල.මේ මොකද්ද මේ සීන් එක.අපි දෙන්නම හොල්මන්.කෝකටත් මම රුං ගාල ගිහින් ඌට මේක කිව්වා.මූ කියනව

"මට සනීප නෑ බං.උඹට පුලුවන්නම් මේ ලියුම එයාට දීපන්"

කියල.
"අවුලක් වෙයිද??"
"නෑ,නෑ කෑල්ල මට වැටිල ඉන්නෙ,උඹට දෙන්න බැරිනම් දුල්මිනිට කියපන්කො දෙන්න කියල"
"යකෝ උඹ මට ඇයි කලින් කිව්වෙ නැත්තෙ."
"නෑ බං ගිය සතියෙ තමා හා කිව්වෙ"

කියල මූ කියපි.මට අදහ ගන්නත් බෑ.මමත් ගිහින් ලියුම එයාට දුන්නා.අසනීප කතාවත් කිව්වා.

"රුවන් අයියට ගොඩක් අමා...රුද?"

එහෙම අහපු වෙලාවෙනම් ඇඟ හිරි වැ‍ටුනා. දැන් පරණ පෙම්වතා සපෝටර් වෙලා.පස්සෙ දුල්මිනි අහපු වෙලාවක "ඔව් රුවන් අයියට මම කැමතියි කිව්වා" කියල භාග්‍ය කියල තිබුනා.ටික දවසක් ගියාම එකම ලව් ලේන් එකේ එක තැනක මමයි කලින් සපෝටරුයි ලව්,ඊට ටිකක් එහායින් කලින් ට්‍රයි කරපු කෙල්ලයි මගෙ යාළුවයි ලව්.හික්...හික්....මරු ෆ්‍රස්ට් ලව්........