Thursday, January 13, 2011

අවසානයේදී සපෝටර්, පෙම්වතිය වූ මගේ ප්‍රතම ආදර කතාව..










ගොඩක් අයගෙ ප්‍රථම ආදර කතාව පටන් ගන්නෙ ස්කෝලෙදි උනාට මගෙ ප්‍රස්ට් ලව් එක කේන්ද්‍ර ගත උනේ පංසල මුල්කරගෙන.පංසලේදි කිව්වෙ ඉතින් ඉරිද දහම් පාසලේදි.ඒ ගමන හිතනවද දන්නෙ නෑ යකෝ මූ දහම් පාසලුත් ගිහින් තියනවද කියල.ඉන්නකො ඉතින්....., ගියා නෙමෙයි යැවුනා..යන්තන් ස්කෝලෙ තුන වසරට පාස් උනා විතරයි එකා යකා වෙයිද දන්නෙ නෑ...කොල්ලව හොඳට හදා ගන්න ඕනෙ කියල අම්මයි,තාත්තයි දෙන්නම එක්කල ගිහින් අතෑරියෙ නැද්ද මාව ගමේ පංසලේ තියන දහම් පාසලට.පොඩි කාලෙනම් ඕකට යනව කියන්නෙ ඉරිදට මරණව වාගෙ වැඩක්.ඇයි උදේ පංසිල් ගන්නකොට රටේම තියන ගාථ ටික ඔක්කොම කියන්න ඕනෙ.ඒ මදිවට කණ්ඩායම් බෙදල තිබුනෙ පංසිල් දෙන්න.තව දහම් පාසල් ගීතෙ කියන්න ඕනෙ.‍රැස්වීමෙ කතාවක් පවත්වන්න ඕනෙ.මටනං ඒ දවස්වල එපා උනේ ඔය උදේට තියන වත් පිළිවෙත් ටික කොරණ එක.ආ......අනිත් වැඩේ ජාතික ඇඳුම අඳින එක.ඔය පොඩි පංති වලදි පන බයේ හිටියෙ සරම කැඩෙන සීන් එකට.සමහර දවස් වලට ඉතින් ඕක කැඩිල ඇඳ ගන්න දහ දුක් විඳිනකොට උගන්වන්න හිටපු අක්කල ඇවිල්ල පිළිවෙලකට අන්දල දෙනවා.එතනත් කෙල්ලො කියල හිතෙනවද මන්ද..??ටිකක් පොඩි පංතිවලට උගන්නන්න හිටියෙ A/L එහෙම කරල රිසාල්ට් එනකන් වාගෙ ගෙවල්වල හිටපු කෙල්ලො තමා.ඉතින් ඉරිද දවසට උදේ වහිනවනම් එහෙම ඊට වැඩිය දෙයක් නෑ.ඇයි එතකොට යන්න බෑ කිව්වම ගෙදරින් පොඩි සමාවක් වාගෙ තියනවනෙ.අනික පංසලට යන්න තිබුනෙත් කුඹුරු වල නියරවල් ,ඇලක ඒ දන්ඩක් එහෙමත් පහු කරල.ඒක හින්ද වැහි දවසට ෂේප්.පොඩිම කාලෙ ඔහොම උනාට හය,හත වසර වලට එනකොට උදේ යන එක තමයි කම්මැලි.ගියාට පස්සෙ ගමේ අහල,පහල ගැන්සියට සෙට් වෙන හින්ද පොඩි ගතියක් තියනව.පංසල් වත්තෙ තියන අඹ ගැටයි,ලොවි ගැටයි ඔක්කොටම දවල් වෙන්න කලින් ගේම හම්බ වෙනවා.ලොකු හාමුදුරුවො ටිකක් විතර ප්‍රසිද්ධ ටියුෂන් කරණ හාමුදුරු කෙනෙක්.ඒක හින්ද ඉරිදට ඉතුරු වෙන්නෙ විහාර වාසී හාමුදුරු දෙනමක් විතරයි.වැඩි වයසක් එහෙමත් නෑ.කොල්ලො එක්කත් ‍ෆිට් එක හින්ද කොහොමත් අවුලක් උනේ නෑ.විස්තර වැඩියි වාගෙ.හරි,කතාව කෙටියෙන් කියමුකො.


ඔන්න අපි දැන් දහය වසරෙ.මල් සරා ලාවට ,ලාවට වාගෙ හදවතට තට්‍ටු කරන්න පටන් ගත්තා.ඔහොම තට්‍ටු කර,කර ඉන්නකොට 9 වසරෙ හිටපු ලස්සන රෝස මලක් දැකල විද්දෙ නැද්ද සරා ඊතල මිටියක්ම.ඒ තමයි "භාග්‍යා".මෙයාගෙ හොඳම යාළුවත් හිටියෙ ඒ ක්ලාස් එකේමයි.ඒ තමයි "දුල්මිණි".ඒ දවස් වල බ්ලොක් කට් එහෙම ගහල දුල්මිණිත් මාරම ලස්සනයි.කොහොම හරි දහම් පාසලේ හිටපු ලස්සනම කෙල්ලො දෙන්න.දැන් ඉතින් ආයෙ අමුතුවෙන් කට්ටියට කියන්න ඕනෙ නෑනෙ ප්‍රස්ට් ලව් එක හැම තැනටම වැදුනහම දැනෙන සනීපෙ කොහොමද කියල.ඉතිං ඕක මම ඉස්සරවෙලාම කිව්වෙ එතකොට මගෙ හොඳම යාළුව වෙලා හිටපු 'රුවන්"ට.

"මචං භාග්‍ය මාර කෑල්ල බං,මම ඒකට ට්‍රයි".
"ඕකට උන්ගෙ ස්කෝලෙ ප්‍රසන්නයත් ට්‍රයිලු".
ප්‍රසන්නය එතකොට 12 පංතියෙ.අපිට වැඩිය වැඩිමල්නෙ.අනික මෙයාල ඔක්කොම ගමේ ස්කෝලෙ.අපි විතරයි පිට ස්කෝල වල.අනික අපිට වැඩිය වැඩිමල් බුවාලට අපි හරි බයයි.අනික ප්‍රසන්න කියන්නෙ ටිකක් උස එහෙම මාර හැන්ඩි බුවෙක්.දැන් මාර අප්සෙට්."ප්‍රසන්නය දාගෙනද දන්නෙ නෑ බං ඉන්නෙ?"."හරියටම කියන්න බෑ බං,සමහර විට නැතුව ඇති.කෝකටත් උන්ගෙ පංතියෙ බච්චෙකුට පොඩි ටෝකක් දාල බලමුද?".ඔන්න ඉන්ටවල් වෙලාවෙ එයාලගෙ පංතියෙ හිටපු අහිංසක කොල්ලෙක් අල්ලගෙන පොඩි විස්තර ටිකක් දැන ගත්තා.වාසනාවකට ප්‍රසන්නය තාම දාගෙන නෑ.ඒ උනාට ඌ බැහැල ට්‍රයි.අප්සෙට් එක තවත් වැඩි මට මෙයාව දකින්නවත් හම්බ වෙන්නෙ ඉරිදට විතරයි.ඒකත් සමහර දවස් වලට එන්නෙත් නෑ.ප්‍රසන්නයට චාන්ස් ගොඩයි.එක ස්කෝලෙ,එහෙන් ඌ ප්‍රිෆෙක්ට් කෙනෙක්.ප්‍රිෆෙක්ට්ලට එහෙම ස්කෝල වල කෙල්ලන්ගෙන් හෙන ලකුණුනෙ.අනික මූ කොණ්ඩෙ එහෙමත් එල පාරට හදල තිබුනෙ.අපේ ස්කෝලෙ කොණ්ඩ හදනව තියා ටිකක් වටෙන් සුදු වෙලා තිබුනත් සොරිම තමා.ආයෙ ගේට් එකෙන් ඇතුලට යාම බොරු.ඔය ඉතිං ඒ දවස් වල කෙල්ලො වැටෙනව කියල හිතාන හිටපු විදි.කොණ්ඩෙට,ෂර්ට් එකේ බැගියට,කලිසමේ පෝල්ට් එකට.....හික්......හික්.....

දැන් මේ සියළුම දෙනා අපේ ගමේ. ස්කෝලෙ තියෙන්නෙත් ගෙවල් කිට්‍ටුව.ට්‍රයි කරන්න අරන් සති දෙක තුනටි ගියෙ,මෙන්ටල් එක පුල්ම අප්සෙට් ගැහුවා.ඉරිද හවසට හිත නිකං පාළු සොහොන් පිට්ටනියක් වාගෙ.වැඩේ කියන්නෙ තාම කෙල්ල හීනෙන්වත් හිතල නැතුව ඇති මම ට්‍රයි කියල.කොහොම හරි මාසයක් විතර උදේට බලෙන්ම ගුඩ් මෝනින් කිව්වා,මල් වට්ටි ගේන්න යන වෙලාවට එයාල බුදු ගේ ඇතුලට යන්නෙ නෑ බයයි,අපි ඉතිං වීරයො වාගෙ එව්ව ගෙනත් දෙනවා.තව ඔය වාගෙ පොඩි,පොඩි විවිධ ක්‍රියා.

මට දැන් මේක ලියන්න බෑ වාගෙ අප්පා....කෙල්ල මැවිල පේනවා.හොයාගෙන ගිහින් ආයෙ ආදරේ ඉල්ලන්න හිතෙනවා.ෂිහ් ඒ එකක්වත් හිටියනම් අකේලේ ජීවිතේට....
ඔහොම ,ඔහොම යනකොට කෙල්ලට ටිකක් විතර වැඩේ මීටර් උනා.
"මචං භාග්‍යාගෙන් අහමුද?"
"එක පාරටම අහන්න යන්නෙ නැතුව ලියුමක් දෙමු."
"වැඩේ අවුල් වෙයිද?"
"නෑ දුල්මිණිට දෙමු යාළුවට දෙන්න කියල".
එල,එල ඔන්න දැන් පුරා දවස් හතරක් දිවා රෑ නොබලා මහන්සි වෙලා ලිව්වා ප්‍රතම පෙම් හසුන.කොහොම හරි ඊලඟ ඉරිදාවත් උද උනා.උදේම ගිහින් ඝන්ඨාර කුළුණ ලඟට වෙලා බලන් ඉන්නකොට ඈතින් ගුරුපාර දිගේ දෙන්නම එනවා.උදේ පීරියඩ් දෙක ඉවර වෙලා ඉන්ටර්වල් එකේ මේ දෙන්න විතරක් තනි උන වෙලාවක් බලල බයෙන්,බයෙන් යාළුවට කතා කලා.
"දුල්මිණි,මේක භාග්‍යාට දෙනවද?"
"මො....කක්......ද????"
"ඔයා මේක දෙන්නකො...."
"අපෝ.......මට බෑ..."
"ප්ලී.....ස්.... දෙන්න නංගි."
ඒ වෙලාවෙ මූනෙ තිබුන අසරණ බාවය දැක්කනම් ඕනෙම කෙල්ලෙක්ගෙ හදවත් උණු වෙලා වැක්කෙරෙන සයිස්.වැඩේ හරි,දුල්මිණි ළාවට වාගෙ අත දික් කරා..

අප්පට සිරි 11යි.දැන් ඉතින් නිදියෑවෙ නැත්තන් නයිට් කරණව බොරු.ඒක හින්ද ඉතුරු ටික හෙට තමා ලියන්න වෙන්නෙ.මහා ...ලොකු කතාවක් වාගෙ නේද..?මොනව කරන්නද,මගෙ කතාව මට ලොකුයි නොවැ.

34 comments:

  1. එළ එළ ඉතුරු ටිකත් ඉකමනට ලියපන්... හප්පේ මටත් එපාම කරපු වැඩක් උනේ ඔය දහම් පාසල් යන වැඩේ තමයි.

    ReplyDelete
  2. මටත් එපාම කරපු වැඩේ. ඉරිද උදේට දහසක් ලෙඩ මට.

    අර කිව්වත් වගේ ඒ කාලේ කෙල්ලො වැටෙනව කියල හිතුවෙ ඔව්වට නේන්නම්. හික් හික්... මෝඩ කමනේ ඒ කාලේ. හෑබ්යි ඒ කාලේ එහෙම තමා බන් වැටුනෙත්.

    ඉක්මනට දාකො බලන්න අනික් කොටසත්

    ReplyDelete
  3. අයියේ මටත් මේ සීන් එකම තමයි උනේ...පොඩි කාලේ ගෙදරින් බල කරනවට දහම් පාසල් ගියාට පස්සේ මල්සරා සීන් එකට එන්ටර් වෙච්චි නිසා ගෙදරින් එපා කියද්දිත් දහම් පාසල් ගියා....හැබැයි කොහොම හරී කෙල්ලත් සෙට් වුනා....

    ඉතුරු ටිකත් ඉක්මනට දාන්න...

    ReplyDelete
  4. ඉක්කමනට දාපන් අනිත් ටික. මම මේ බලන් ඉන්නේ අනිත් ලිපිය එනකන්. මාර තැනකින්නේ නැවැත්තුවෙ.

    කොහොමද දැන් ඉවසන් ඉන්නේ අනිත් ලිපිය එනකන්.....

    ReplyDelete
  5. ගුට් නොකා දාපිය ඉතුරු ටික. මාත් ඔක්කොම වැඩ තියලා කියවන්න ගත්තා මදෑ...

    ReplyDelete
  6. @පූසා,

    පස්සෙ,පස්සෙ ඒ උනාට කලින් දවසෙ රෑ ඉඳලම දෙයියන්ට කිය,කියා ඉන්නෙ "අනේ හෙට වහින්න එහෙමනම් එපා" කියල.ඒ තරමටම යන්න උනන්දුව.අපි ගියත් ට්‍රයි කරන දවස් වල කෙල්ල ආවෙ නැත්තන් එහෙම කොහොමද දැනෙන අප්සෙට් එක.

    @පිස්සා පලාමල්ල,

    යකෝ උඹත් ගියාද..??අයියෝ ඒ කාලෙ ටේලර් ෂොප් එකේ එකාට පිස්සු හැදෙනව අපි කලිසන්,කමිස මහන්න ගිය දාට.කප් පොකට්,ඩබල් පොකට්,සයිඩ් පොකට්,බෑන්ඩ් එක,ඩබල් මැෂිමන්ට්.හික්...ඔක්කෝම දාල මහල ස්කෝලෙට ගියාම ආයෙ ආපහු එවනව .අරක වැඩියි.පෝල්ට් එක වැඩියි කියල.
    අනේ මන්ද බං සමහර උන් හිටිය ඇඳුම ගැන එහෙම මෙලෝ සැලකිල්ලක් නෑ.ඒ උනාට ගින්දර කෑලි දාගෙන හිටියෙ.දවසක් අපේ එකෙක් ඔහොම බුවෙක් දැකල නිකමට වාගෙ කිව්ව "බලපන්කො අර පනුවට සෙට් වෙලා තියන කෑල්ල" කියල.ඕක ඌට ඇහිල කියනව "යකෝ හොඳ ගෙඩි කන්නෙ පණුවො තමා" කියල.හික්.......
    නයිට් සතියෙ වෙලා නෑ බං.ඉක්මණටම දානවා.

    @නිර්මල,

    එල,එල ඔය ඉන්නෙ තව මගෙ ජාතියෙ බුවෙක්.උඹට කියන්න ඕනෙ නෑනෙ ඉතින් ඒ දවස් වල දැනුන හැඟීම්.
    කොහොමද දහම් පාසල් තරඟ තියන කාලෙට එහෙම......


    @සියපත,

    අඩේ මෙව්ව ලිය,ලියා හිටියොත් මාව රස්සාවෙන් එලවනව.ඉක්මණට දානවෝ...........

    @prasanna86k,

    ඒ උඹත් ප්‍රසන්න නේද???අඩෝ .........
    උඹට වාගෙ තමයි බං.මේ දවස් වල bzy life.

    ReplyDelete
  7. ගියා නේන්නම්.

    අපේ ස්කෝලෙ ඩබල් පොකට් වච්චයි.. පෝල්ට් එක අඩු වෙන්න ඕනි ඒකනම් මට ඇල්ලුවෙ නැහ.. මගේ ගානය හදා ගත්තා.
    ලූප්ස් නැහ.. මමත් කාලෙකට කලින් උනිෆෝර්ම් ගැන ලිව්ව වගේ මතකයි...

    ReplyDelete
  8. මටත් හිතුනා මේකා දහම් පාසල් ගියාද කියලා. ඇත්තම කිව්වොත් මාත් දහම් පාසල් ගියේ ඉන්ටවල් එකේ කන්න පුලුවන්වෙච්ච රුපියලේ අයිස් පැකට් එක හින්ද විතරමයි.

    ආ අනිත් එක කෙල්ලො කොල්ලොන්ගෙ කොණ්ඩෙ ගැන නම් හිතනව තමයි. ඉස්කෝලෙ යන කාලෙ අපිත් ලස්...සන අය්ය කෙනෙක්ට ඇල්ම බැල්ම දාගෙන හිටියා. කොරිඩෝ එකෙ ගියොත් අපි මේ පැත්තෙ ඉඳන් එහා පැත්තට යනකල්ම ඇසිපිය නොගසා බලාගෙන ඉන්නවා. මෙන්න එක දවසක් එනව කොණ්ඩෙ තට්ටෙ ගාලා. ඊ...යා. එදායින් පස්සෙ අපි නෙමෙයි ඇහැක් වත් ඇරල බැලුවෙ. (ඇහැක් වහල බැලුවෙත් නෑ හරිද)

    ReplyDelete
  9. ඊළඟ කොටස එනතුරු බලා හිඳිමි... :D

    ReplyDelete
  10. මමත් ගියා නොවැ... දවස් 2යි ගියේ. අයියලා අක්කලා loving නංගිලා මල්ලිලා playing. මම ගෙදර ගිහින් සීන් එක කියලා මට යන්න බෑ කිව්වා. අපේ පියා බැලුවා කෙල්ල දහම් පාසැල් ඇරියා වගේ නෙවේ අනික් හරිය කර ගත්තොත් කියලා මගේ ගමන නිමි කලා. දෙයියනේ කියලා එදා ඉදලා මම ඉරිදට උදේ වෙනකල් නිදා ගන්නව.

    අපිටත් ඉස්සර හිටියා සෙට් එකක් ම හවස වෑන් එක එනකල් ඉස්කොලේ බැම්මට හේත්තු වෙලා ඉද්දි අර හාමුදුරුවෝ කොඩිය පාගපු ඉස්කෝලේ අයියලා අපේ ඉස්කෝලෙ ඉස්සරහින් නේ යන්නේ. (කොච්චර පාරවල් තිබ්බත් කට්ටිය යන්නෙම අපේ ඉස්කෝලෙ ගාවින් නේ) එතන එක අයිය කෙනෙක් අමාරුවෙන් කොන්ඩෙ එහෙම හදා ගෙන අතින් කටින් ලයින් දාගෙන හිටියා. අපේ ලකියා පොරට නමක් දැම්ම "පිංගු" කියලා. අනේ හරි හුරතල් නමනේ කියලා මමත් ටික දවසක් ඒක යූස් කලාට වැඩේ ගොඩ උනේ පිංගු මට ලියුමක් දීපු දවසෙ. අපේ එවුන් කටවල් ඉරෙනකල් හිනා වෙනවා. මම ලකියා පැත්තකට ගෙන්නලා කිව්ව (ලකියා තමා ගෙනත් දුන්නේ ලියුම) "අනෙ මට බෑ බන්. පිංගුට කියපන් මම කැමති නෑ කියලා" කියලා ඔන්න වැඩේ ශේප් කලා. ඊට පස්සේ මම නිකමට ඇහුවා "මොකක්ද බන් අර පිංගු කියන නම කොහෙන්ද දා ගත්තේ?" කියලා. ලකියා දුන්න උත්තරෙන් මම පිංගු ට අකමැති උන එක ගැන කෝටි ප්‍රකෝටි වාරයක් සතුටු උනා. "පිංගු කියන්නෙ බන් පිංගුත්තරයා කියන එකෙ short form එකනේ."

    ReplyDelete
  11. ඊලග කොටස දාන්න ඉක්මනට.....
    පට්ටයි...

    ReplyDelete
  12. අඩේ අඩේ මූ බලු වැඩේ කරල තියෙන්නෙ. කතාවෙ ක්ලයිමැක්ස් එකේදිම කඩල. මොනාද මචං. උඹත් අයි. ටී. එන් එකේ හත හමාරෙ කතාවක් වගේනෙ. දැං ඉතිං කවද්ද ඉතුරු ඩිංග ලියන්නෙ?

    ReplyDelete
  13. අයියා නිකන් මෙගා ටෙලි නාට්‍යයක් වගේ කුතුහලය අවුස්සලා මගදි නතර කරනවා. අපි ඉතින් කට බලියන් බලන් ඉන්න ඕනෙ. ඉක්මනට ඉතුරු හරිය දාන්න අයියා. කියවන්න බලාගෙන ඉන්නේ. අයියා දැන් ඔය ඇත්තිව ඊට පස්සෙ දැක්කෙ නැද්ද ?

    අඩේ මටත් ඔය විදිහට නමය වසරේ පොඩි සීන් කොන් එකක් තියෙනවා. ලගදිම දවසක ලියන්න ඕනේ. නමය වසර කියන්නේ මහා එපා කරපු වසරක් වෙන්න ඇති.

    ReplyDelete
  14. වැඩේ නම් අන්තිම කැතයි....
    …ලියුම දීපු එක නෙවේ. කතාව හොඳම තැනින් නැවැත්තුව එක...
    …ඉක්මනට ඉතිරි ටිකත් දාන්න.

    ReplyDelete
  15. දිනෙශ් කාපිය මාව !! බලහං කෝ එලම තැනදී නතරකරානේ . ඔන්න ඕක ඉක්මනට ලියලා දාලා අපිව නිදහස් කරලා දාපං තව ඇති කියලා හිතාගෙන මම පේජ් එක රීලෝඩ් කරලත් බැලුවා

    මම අද එක දෙයක් ඉගනගත්තා . කවදා හරි කෙල්ලෙක් ගැන උපදෙස් ගන්න ඕන නම් . කෙලින්ම ඇවිදින් අයියාව හම්බවෙන්ඩ ඕන කියන එක . අයියා කෙල්ලෝ ගැන උපාධියක් කරලා තියනවද ?

    එහෙනම් උඹත් 9 වසරේ කෙල්ලෙකුට ට්‍රයි කරා නේද .. හූ හූ . මට තියන සන්තෝසේ ..

    ජය වේවා !!

    ReplyDelete
  16. අප්පට සිරි ..මෙයා හරිම ලව් බට්ටෙක්නෙ. හරිම නරකයි කතාවෙ හොදම හරියෙන් නවත්තපු එක .ඉක්මනට ඉක්මනට ඉතුරු ටිකත් කියන්න.

    ReplyDelete
  17. ඉතුරු ටික ඉක්මනට දාපන්.....

    ReplyDelete
  18. කියන්න තියෙන්නෙ මෙච්චරයි මචෝ. දහම් පාසල් ගිය ගොඩක් අය ට කොල්ලො සහ කෙල්ලො දෙගොල්ලොම 8,9,10,සහ ධර්මාචාර්‍ය පන්ති වලදි මල් සරා කොල්ලා ගෑම දෙනව. මම අපේ දහම් පාසලේ ප්‍රධාන් ශිෂ්‍ය නායකය අවසාන පන්තියෙදි. අයේ නෑ පොඩි පංතිවල නංගිල එහෙම මාව ඔලුව උඩ තියන් උන්නෙ. ලස්සන කාලයක්.මම දෑන් දහම් පාසලේ ගුරුවරයෙක්. බොහොම සන්තෝසයි. ලස්සන කාලයක් ඒක.

    ReplyDelete
  19. උඹ සිරාවට ලියනවනෙ බං
    මම මුලු බ්ලොග් එකම කියෙව්වා. පට්ටයි ඈ.......
    දහම් පාසල් ගැන නම් කතා නොකර ඉන්නම්. අඳුරු අතීතේ :P

    ReplyDelete
  20. @පිස්සා පලාමල්ල,

    මටනම් පෝල්ට් එක අඩුවෙන් ඒ දවස් වල අඳින්නම බෑ.කියන්නත් විලිලැජ්ජයි වාගෙ ගේට් එක ලං වෙනකොට පෝල්ට් එකට අල්පෙනෙති දෙකක් ගහගෙන ටිකක් අඩු කර ගන්නවා.අනිත් එක "ගොල්පි"ය.අයියෝ.....ඇ* දෙකට දීපු වදයක්.
    ෂිහ් උඹේ ඔය පෝස්ට් මට මග ඇරිලනෙ.කොහෙද මම ලඟදිනෙ එන්ටර් උනේ.

    @පිණිබිඳු,

    ඔන්න ඉතින් "අපිත්" කියල බහුවචන මොනවද.
    ඇත්තටම පිං සිද්ද වෙනව නඟේ මේ කියපු කතාවට.මාත් කොණ්ඩෙ කොටටම කපල දාන්න කියල හිටියෙ.මොකද නඩත්තු වියදම වැඩි හින්ද. අම්මෝ....දැන්නම් හිතන්නෙවත් නෑ.

    @සෝරෝ,


    හරි,හරි මචං මේ මග එනවා.
    තැන්කූ ඇවිත් ගියාට :)

    ReplyDelete
  21. @ සංජු,

    අයියෝ...ඔයා ගෙදරටත් එහෙ වෙන සීන් කිව්වද?යන්න බැරිනම් වෙන හේතුවක් කියන්න තිබුනනෙ.නිකන් අම්මල,තාත්තලට දහම් පාසල ගැන වැරදි වැටහීම් ඇති කරන්නෙ නැතුව ;)
    මට තියන ප්‍රශ්නෙ ඇයි ලකිය ඌට "පිංගු' කියල නම දාන්න හේතුව කියන එක.මොනව උනත් ටිකක් කැතයි දාල තියන නම.හික්....හික්.....නොදැන ඔයා බුවාට වැ‍ටුනනම් එහෙම සෙට් එකෙන්ම චා වෙන්නත් තිබුනා.
    මේකට comment කරල තියන කෙල්ලො දෙන්නම කොල්ලන්ගෙ කොණ්ඩෙ ටිකක් වැදගත් කොට සලකන බවකුයි පෙනී යන්නෙ.හෆොයි මට දැන් මාසෙට යන 5000 දිගටම යයි වාගෙ.

    @ෆැන්ටසි,

    හි.........හරි වැදගත් කතාවක් කියවන්න බලන් ඉන්නව වාගෙ.නයිට් ඉවර උනාද ලිව්ව මචෝ.
    ස්තුතියි ඇවිත් ගියාට.

    @nawammawatha,

    ඉඩ ලද විගස........
    ඒක නෙමෙයි අයියෙ,මට හීනෙනුත් පේනව මචං අර උඹට බැංකුවෙ ඉන්ටවිව් ගිහින් ආපු කෙල්ලගෙ ස්වීට් ටටා පාර.එහෙම ටටා පාරක් මට වැදිල නෑ බං.සීන් එක ලස්සනට ලියල තිබුනා.

    ReplyDelete
  22. @මධුරංග,

    ඒ ඇත්තිල පසු කාලීනව අල්ලනව තියා හිතන්නවත් බෑ.හරී..........ඉහල.මට දැන් හරි දුකයි බං ඇයි මෙව්ව එකක්වත් දිගටම ගෙනියන්න බැරි උනේ කියල.:(
    ම්.........ඔය පනින්නෙ මල්ලෙන් එලියට.මේ දවස් වල ඔ‍ටු බංකුවෙ හිටියට මල්ලිලත් "රජ වැඩ කාරයො" වාගෙ.ලියමුකො ඉතින් බලන්න.

    @හිස් අහස,

    මොකද බං පරක්කු.මම හිටියෙ වැස්සට ගහගෙනවත් ගිහිල්ලද කියල.තව ටිකක් බලල පෝස්ට් එකක් දාන්න හිටියෙ උඹ නෑ කියල.
    බලපන් උඹ මට කලින් වලෙක් කිව්වා.දැන් අනංගය ලේබල් එක ගහන්න වාගෙ යන්නෙ.යකෝ මේ අනිත් එවුන් පොල් ගානවද!!??ජීවත් වෙන ටික කාලෙ අපි පුළුවන් තරම් කෙල්ලන්ට ලව් කරන්න ඕනෙ.නැත්තන් උන් පව්නෙ බං.
    මමත් 9 වසරෙ එකකට බොක්කෙන් ලව් කරපු හින්දනෙ උඹේ ලවටත් මුල ඉඳලම සප් එක දුන්නෙ.ඕකෙ තියන දුක,වේදනාව,මිහිර,ගතිය ඉතින් ලව් කරපු එකෙක්ම තමා දන්නෙ.

    @JHOTHISHALANKA ,

    හික්.......නෑ,නෑ මෙව්ව 90% කට විතර පොදු ස්ටෝරි. ඇත්තටම සහෝ.....ඔයාල ඔය කාලෙදි කෑල්ලකට බැස්සෙ එහෙම නැද්ද??නොකිය,නොකිය අපිව අන්ඳනවද දන්නෙත් නෑ.

    ReplyDelete
  23. @Thusitha Jayasinghe ,

    හරි අයියෙ ;)

    @Gayan Rupasinghe,

    මෙන්න නියම බුලට් එකක්.මචං මම දහම් පාසල් අවසානෙත් ලිව්ව.ඇයි බං තව ඔය අවුරුද්දකට සැරයක් තියන දහම් පාසල් ප්‍රාදේශීය තරඟ තියන දවස් එහෙම මතක් වෙනකොටත් මරු බං.කොහොම හරි උඹත් ගොඩ ගිහින් තියන පාටයි.....;)

    @ෂානක අනුරාධ,

    මොන සිරාවක්ද බං.වැල් වටාරම්....
    ඒක නෙමෙයි අඳුරු අතීතෙ කිව්වෙ මොකෝ බං.සමහරවිට බැහැලම අඬ,අඬ හිටියනම් එළියක් ලං කර ගන්නත් පුළුවන් වෙන්න තිබුනා.


    ගොඩක් ස්තුතියි දෙන්නටම මෙහාටත් ගොඩ වැදුනට.

    ReplyDelete
  24. ela ela digatama liyanna

    ReplyDelete
  25. ela elazzz pattaaaa :D ithiri tika danakam balan inawa machoooo

    dawas ganak nidimaragena liyapu liyumath puluwanam danna machooooooooo
    elath lasanata atineeee

    ReplyDelete
  26. @Ano,

    ම්.....උඹල ඉතින් එනවනෙ බලන්න??අඩෝ....නමවත් දාපන් බං.

    @Hit Man,

    ලියුමෙ සමහර එව්වනම් අදටත් මතකයි බං.ලියුම නම් ආපහු මං ලඟටම ආවා.මොකද පසු කාලීනව බඩු ඔක්කොම රිටන් උනානෙ.හික්......

    ReplyDelete
  27. ප්‍රාදෙශිය තරග ගෑන කතා කරල ඉවර කරල ඉවර කරන්න බෑ මචං. තව මචන් මම උන්නා විවාද කන්ඩායමෙත්. හිතහන් කො ඉතින් කොහොම එකක් වැටෙන්න ඇත්ද කියල. ආදරය කරන්න පටන් ගත්තෙ දහම් පාසලෙන් තමයි මචන්. ඒත් ඒ ආදරේ ගොඩාක් දුර ගියේ නෑ. ඒත් ඒ කාලෙ ගැන හිතල දුකක් හිතෙන්නෙ නැ.
    ජය...

    ReplyDelete
  28. @Gayan Rupasinghe ,

    උඹ තමයි මෙතනදි හරියට දහම් පාසල් ගිය බුවෙකුට දැක්කෙ.හරියට කිව්වෙ හැම පැත්තෙන්ම ගොඩ ගිය පොරක්.විවාද කන්ඩායම් වල කොල්ලන්ට කෙල්ලො පැනල දෙන්නෙ.මචං මමත් එක දිගට අවුරුදු දෙක තුනක්ම හිටිය බං ඔය තරඟ වලට භක්ති ගීත පුරුදු කරන්නත්.අම්මෝ...එහෙම කාලයක් ජීවිතේ පංසලේමයි.ඒ දවස් වල ලව් සීන් නම් වැඩිය දුර ගියෙ නෑ තමා.ඒ උනාට ඒ පරිසරය තුල ගෙවුන ජීවිතේ හරිම සුන්දරයි.

    ReplyDelete
  29. @Thusitha Jayasinghe ,

    හරි අයියෙ ;)


    යකො මම උබට කියන්නෙ දෙවෙනි පාරට මම උබට වැඩියේ අවුරුදු 07ක් බාලායි මම 89

    ReplyDelete
  30. @සූර සරදියෙල්,

    :)

    @Thusitha Jayasinghe,

    යකෝ මම දැනගෙන මේ පාරනම් කිව්වෙ.හික්.....හික්.....

    ReplyDelete
  31. නියමයි බන්.

    මට මගේ දහම් පාසැල් ගිය කලේ මතක් උනා.

    මටත් ඔය මල්සරා ද මොකද්දා එකා විද්දේ දහම් පාසලේදිම තමයි බන්.

    මේ තියෙන්නේ මගේ කතාව
    වෙලාවක කියෝපන්.

    ReplyDelete
  32. අනිවා මචො. ඒ කාලෙට ආයෙත් යන්න හිතෙනව මචං. ඔය පුන්චි කාලෙ සරම හෙන චාටර් උනාට ලොකු වෙන්න ලොකු වෙන්න ඔය සරම අල්ලල යනව මචං. පස්සෙ අපි ඕක අදිනව ටිකක් පොලොවෙ ගෑවි නොගෑවී යන ගානට. ඒකත් ඔය ටී ශර්ට් බැගී දානවා වගේ කලාවක්. දකිනව තාමත් එහෙම අදින කොල්ලො. ටිකක් හිතහන් මචං. අපිට අද ලොකු සෙනගක් ඉස්සරහ කතාවක් කරන්න හරි බය නැති කරල ගත්තෙ ඔය කියන දහම් පාසලෙන්.පොඩි කාලෙ මම අඩල තියෙනව මාව බලෙන් සමිතියට දාන්න එපා කියල. ඒත් ඒ ලබපු පන්නරය නිසා තමයි අද මට ඕනෙ සෙනගක් ඉස්සරහ කට ඇරල කතා කරන්න පුලුවන්.
    තව දෙයක්..
    අර මගෙ මුල්ම ආදරෙ තාමත් ඉද හිට මුනගැහෙනව. අපි දෙන්නම හිනා වෙලා බිම බලාගන්නවා. ඒ ඇයි කියල නම් මට තාම හිතා ගන්න අමාරුයි.

    ReplyDelete