Monday, January 31, 2011

බ්‍රැන්ඩ් වෙයා,ස්පෝට් කාර් සමඟ මගේ හීන

නවම් අයිය කිව්ව වාගෙ මේක නිකන් අබිං කෑව වාගෙ වැඩක් උනානෙ හැබෑටම.තව මූනු පොතට එහෙම ඇබ්බැහි වෙලා හිටියනම්....වැඩට යෑමක් වෙන්නෙ නෑ.ඔය සේරම, වැඩ කරන ගමන්ම කරන්න ලේසියට i phone එකක් ගන්නත් හිතුනා.ඒත් ලඟදි යන හින්ද වැඩක් වෙන්නෙ නෑ.කිව්වට අප්සෙට් ගන්න එපා.මෙහෙ i phone නිකන් දෙනවා.ඒ කියන්නෙ අවුරුදු දෙකක් නොකඩවා එකම ලයින් එක පාවිච්චි කරණ බවට අපි සහතික වෙන්න ඕනෙ.ඊට පස්සෙ අවුරුද්දක් බිල්,කනෙක්ශන්,නෙට් සේරටමත් එක්ක මාසෙකට ලංකා රුපියල් වලින් බැලුවොත් 3000ක් විතර ගෙවන්න ඕනෙ.අවුට් ගොයින් විනාඩි 250ක් ‍ෆ්‍රී දෙනවා.ඔය සීන් එක නිසා දැන් මෙහෙ ගොඩක් කොල්ලො කෙල්ලො ලඟ අයි පෝනුයි galaxy තමා use වෙන්නෙ.මේකනම් අදාල නැති දෙයක්.නිකමට වාගෙ කියල දැම්මෙ.






ඊයෙ ටොම් බෝයිල ගැන කියන්න ගිහින් ටික දෙනෙකුට ප්‍රශ්නත් ඇති උනා නේද?හික්....හික්.....ටොම් බෝයිස්......මට දැන් උන් දකිනකොට හිනත් යනවා.පව් ඉතිං අපි හිනා උනාට,එයාල සමහර විට හිතින් දුක් වෙනවත් ඇති.මේ තායි,පිලිපීන් කෙල්ලො ලංකාවෙ කෙල්ලොත් එක්ක සසැදුවොත් දකින්න තියන විශේෂත්වයක් තමා අපේ අය වාගෙ ගනන් උස්සන්නෙ නැති එක.ටිකක් ‍ෆිට් උනාම ඕනෙ දෙයක්.අනිත් එක කන පැලෙන්න බොනවා.ලංකාවෙ කොල්ලො දහයකුයි,තායි කෙල්ලො පහකුයි තිබ්බොත් අපේ උන්ට ඇපත් නෑ.ඒ වාගෙම තමා ඇඟේ පච්ච කොටා ගන්න සීන් එකත්.ආගම බුද්ධාගම.නමෝ තස්ස භගව‍තෝ අරහ‍තෝ කියලම තමා උච්චාරණය කරන්නෙත්.ඒ උනාට එකෙක්වත් පිලිපැදිල්ලක් නම් නෑ.මේ ලඟදි උන්ගෙ මාට් එකකට ගිය වෙලාවෙ සෙට් එකක් එලියෙ බොනවා.බේරිල්ලක් නැති හින්ද ටිකක් කිට්‍ටුවට ගියා.හැබැයි ඉතිං මම පානයටනම් නෑ.එහා පැත්තෙ බයිට් හදන්න වෙනම පොට් එකක් තියනවා.ඒ හදන හැටි දැකල මට සසර කලකිරුනා.ලඟ ටැංකියක ඉන්නව ලොකු මාළු.උන් අනේ පීන,පීන ඉන්නව.අරූ මොකද කරන්නෙ දානව ලොකු ගොට්ටක්,අල්ල ගන්නව එකෙක්.එහෙම්මම අල්ලල තෙලට දානවා.අරූ තෙලේ දඟලනවා.මැරෙන්නත් කලින්ම මේසෙට එනවා.ටේබල් එකේදිත් සමහර වෙලාවට කරමල් ගැහෙනවා.ආයෙ ගොළුබෙල්ලො,කුරුමිණියො,පළගැටියො පුදුම කෑමනෙ අම්මප මුන්ගෙ.ඔහොම ටික,ටික රෑ පහලොස් පැයේ වෙනකන් ගහනවා.ඊට පස්සෙ ක්ලබ්,කැරඕකේ යන උන් එව්වට යනවා.ටිකක් ‍ෆිට් උන කොල්ලෙක් කතා කෙරුවොත් ඌට ප්ලග් වෙනවා.දත ගැලවිල්ලක් නෑ.සල්ලි නැත්තන් උන් වියදම් කරනවා.උන්ට ඕනෙ ෆන් එක විතරයි. මේ මොන මඟුල් නැ‍ටුවත් පහුවදා උදේ වැඩටත් එන එකනෙ පුදුමෙ.මේ ගැන මීට වැඩිය මොනාවත් කියන්න හොඳ නෑ වාගෙ වැරදි වැටහීම් ඇතිවෙන්න ඉඩ තියනවා.මොකද අපේ සංස්කෘතිය ඇතුලෙ ඉඳගෙනනෙ බලන්නෙ කට්ටිය.







ඔන්න කියන්න ගියෙ වෙන එකක්......තාරුන්‍යයේ හීන.හීන හැබෑ වෙන්න ඕකට හෙටක් තියෙන්න එපායැ නේද??ඒ ගැනනම් මම දන්නෙ නෑ.එහෙම එකක් ක්‍රියාත්මකයිනෙ නේද.ඒකෙන් සමහරවිට හෙටක් හදා ගන්න පුළුවන් වෙයි. මේක මේ මට විතරක් ඇතිවෙන එව්ව නෙමෙයි.හැම කොල්ලෙකුටම ඉතිං මේ හීන පොදුයි.චූටිම කාලෙ හීන ගැන තේරුමක් නෑ.බලාපොරොත්තු විතරයි තිබුනෙ.තාත්ත හවස වැඩ ඇරිල එනකොට චොකෝ එකක් ගෙනෙයිද?බයිසිකලේ පද්දන්න හෙල්ප් එකක් දෙයිද?ඔය වාගෙ සරල එව්ව.අනේ හැමදාම එහෙම තිබුනනම් කොච්චර එකක්ද..කොහෙද ටික,ටික ලොකු උනානෙ.ඊට පස්සෙ බයිසිකලයක්.මවුන්ටන් එකක් ඉල්ලල කරදර කෙරුවට කොහෙද අරන් දුන්නෙ "ස්පෝට්" වර්ගෙ එකක්නෙ.අල්ලපු ගෙදර ලොකු කෑල්ලට ට්‍රයි කරපු එකාට ඒ දවස් වල තිබුන ගියර් 21 එල මවුන්ටන් පාරක්.මට ඉතිං එහෙම එකක් ඒ කාලෙ හීනයක්.ඔහොම යනකොට ප්‍රස්ට් ලව් එක සෙට් උනා.හික්......කියන්නත් ලැජ්ජයි වාගෙ එතකොට තිබුන හීනයක් තමා අපේ තිබුන වෑන් එකේ දුල්මිණිලගෙ ගෙවල් පැත්තෙ යන එක.මොකද මට ඕක අල්ලන්නවත් දුන්නෙ නෑ ඒ කාලෙ.ඉතිං මම හීන මවනව සෙට් එකත් හයියෙන් දාගෙන කෙල්ලගෙ ගෙවල් පැත්තෙ රවුමක් ගහන විදියක් ගැන.
ආ තව ඇඳුම්......Nike, Reebok ගැන වැඩිය දන්නෙ නෑ ඒ කාලෙ.kito,KAT, Ronaldoඔව්ව තමා බෙස්ට් බ්‍රෑන්ඩ් අපිට.ටී ෂර්ට් Ck,ට්‍රවුසර් Levi's ඒකනම් දැනගෙන හිටිය.කොහෙද ඒත් ඔරිජිනල් එව්ව තියන එකක් යැ.ඒ උනාට අපේ හිතේ ඔරිජිනල් කියල.නොදන්න කම නොවැ.හැබෑටම මට අදටත් තියන ප්‍රශ්නයක් තමයි,කොල්ලො ඔය එල,එල බ්‍රෑන්ඩ් වල එව්ව බැස්සුවට කෙල්ලො ඔව්ව ගැන දන්නවද කියන එක.අනික කෙල්ලන්ට ඕව වැදගත්ද කියන එක.කවුරු හරි නංගියෙක් එහෙම මේ පැත්තෙ ආවොත් මොනා හරි කියල යන්නකො බලන්න.දැන් වොච් එකක් ගන්නකොට ZENITH ,ROTARY,ROLEX හෙව්වට ඉස්සර මොකක් හරි කමක් නෑ නිකල් තඩියක් අතෙන් ගැලවෙන නොගැලවෙන ගානට එල්ල ගන්න තියනවනම්. ඒ කාලෙ යෞවනේ නෙමෙයි හින්ද වැඩි තේරුමක් නැතුව ගැන්සියෙ උන් කියන්නන් වාලෙ යන ‍රැල්ලට ලෝකල් එව්වගෙන් ෂේප් උනාට teenage එක පහු උනාට පස්සෙ තමා හීන සැබෑ කර ගැනීමේ දැවැන්ත සටනෙ යෙදෙන්න උනේ.බොලෙ මෙච්චර කල් අපි බස්සල තියෙන්නෙ රුපියල් 800ට තිබුන ලෝකල් Levi's ජීන්ස්නෙ.ඔරිජිනල් එක 4000යි.kito,KAT මොන බම්බුවද දේශීය නිෂ්පාදනෙ....ෂිහ්....ඒ වාගෙද Nike,adidas,puma පොඩි ටවුන් වලින් ඇහුවට දන්නෙත් නෑ.

දවසක් කඩේක බුවෙක් "මල්ලි nike reebok ඒජන්ට් කරන්නෙ dsi ල.නුවර ෂෝරූම් එකේනම් බඩු තියනව.ඔන්න ඉතින් පියාවත් ඇදගෙන ගියා නුවර යටිනුවර වීදියට.හුටා....සපත්තු දෙකේ ගාන අහල පියාට මඤ්ඤං.රුපියල් 5000යිලු. reebok දෙක 9000යි.මෙන්න මෙහෙ එනව යන්න ළමයො කියල මාවත් ඇදගෙන ආපහු ආවෙ නැද්ද.ඔන්න එදා ඉඳල ප්‍රොමිසස් නන්ස්ටොප් පීස් එකකුත් දාගෙන ඇඳේ නිදාගෙන තව හීනයක්.සුමුදුත් එක්ක අර නුවරදි බලපු සපත්තු දෙකත් දාගෙන කොහෙ හරි ‍ටුවර් එකක් ගහන එක.ඔය එක්කම හිතට ආවෙ නැද්ද ස්පෝට් වංඩියක් ගැනත්.එලටම හරි.දැන් සනීපයි.හීනෙනුත් පේන්නෙ ලක්ෂරි ලයිෆ්.කෙල්ල සුමුදු,ටී ෂර්ට් එක adidas,කලිසම Levi's,වොච් එක ROLEX,සපත්තු දෙක Nike,වංඩිය VERTICAL LAMBO DOOR mazda RX8. ඇස්ටන් මාටින් එහෙම පෙනුනෙ නෑ.මොකද එච්චරම හයි ක්ලාස් එව්ව ගැන දැනගෙන හිටියෙ නෑ.හික්.....හික්.....මගේ තාරුණ්‍යයේ හීන.අදටත් (සුමුදුනම් දැන් ඉතිං නෑනෙ) අනිත් එව්ව ගේමක් නෙමෙයි.අන්තිමට තියන එක තමයි හීනෙ.use කරපු එකක් අඩුවට ගන්න පුළුවන් උනාට කස්ටම් එකේදි 200% ක බද්ද ගෙවන එක මතක් උනාම හීනෙ නිකන්ම බොඳ වෙනවා.අනේ ඉතිං දැන් තාරුණ්‍යත් ගෙවෙන්න ලඟයි.සමහර හීන එහෙමමයි.....

අද දවස ඉතිං අපේ ඉලංදාරි මලයගෙ දවස විදියටනෙ බ්ලොග් අවකාශෙ නම් කරල තියෙන්නෙ. ඒක හින්ද ඔක්කෝමල ඒ ගැන පෝස්ට් දාන නිසා අමුතුවෙන් ලියන්න දේකුත් නෑ.උඹ හිතින් විඳවපු කාලෙ ඉවරයි කියල හිතපන් මචෝ.මේ අපි හැමෝම ඉන්නව උඹත් එක්ක.පෙබරවාරි 15ට කලින් මගේ යුතුකමත් අනිවා වෙයි.මේ ගැන සිංඩියෙ නොදන්න කෙනෙක් නැතත් වෙන විදියකින් බ්ලොගේ කියවන කවුරු හරි ඉන්නවනම් මේ ලිංක් එකෙන් ගියොත් මොකද්ද මේ කියන්නෙ කියල බලා ගන්න පුළුවන්.ඒ වගේම අනිවා සප් එකක් දෙන්න කියලත් ඉල්ලා සිටිනවා.

Saturday, January 29, 2011

තායි ටොම්බෝයිලා නිසා සිදු වූ හදිසි අනතුර සහ මගේ දුම් බීම නැවතීම...

මුලින්ම හැමෝටම ස්තුතියි කිව්ව ඕං අසනීප වෙලා හිටපු දවස් ටිකේ හොයල බැලුවට.මම msg එක දාපු එකාට කිව්වෙ ටික දවසකට නෑ කියල දාපන් කියල.මූ විස්තරත් ලියන්න ගිහින්නෙ.මොකද මම හිතුවෙ මාසෙකින් මෙහා එලියට එන්න බැරි වෙයි කියල.මොකද මෙහෙ ලෙඩේ හොඳටම හොඳ වෙනකන් ස්පිරිතාලෙන් එලියට දාන්නෙ නෑ.අනික බේරන්නම බැරි වැඩේ ඉන්නතාක් සේලයින් ගහන එක.ඊටපස්සෙ ටොයිලට් එකකට යන්න උනත් දස වදේනෙ.වෙලාවට කොම්පැණි එක ඇතුලෙදි සීන් එක උනේ.එලියෙදි මොනා හරි උනානම් අතින් කයිට්.ඒකිව්වෙ ඉතිං කොලේ නැති හින්ද රජයට සම්බන්ද hospital වලට යන්න බෑ.යන්න බෑ කියන්නෙ ඉස්පිරිතාලෙ ඉස්සරහ මැරිල වැ‍ටුනත් බඩු නැත්තන් ඇතුලට ගන්නෙ නෑ.ප්‍රයිවෙට් ඒවගෙ ඩබල් චාර්ජ් අය කරන්නෙ.කම්පැණි එකෙන් බිල් එහෙම ඔක්කොම ගෙවපු හින්ද දෙයියනේ කියල අවුලක් නැතුව ආපහු ආවා.ලොකු අනතුරක් උනේ නෑ.කකුල ටිකක් කැපුනා.අප්සෙට් එකට තියෙන්නෙ මහපට ඇඟිල්ලෙ නියපොත්ත ගලවන්න උන එක තමා.මොකද ඉක්මණට හොඳ නූනොත් වැඩේ කචල්.එහෙන් ගෙදර යන්නත් ලඟයි.තැන්,තැන් වල එකතු කරපු බඩු වාගෙකුත් තියනවා.ඒව පිළිවෙලක් කරල කාගෝ එකකට බාර දෙන්නත් ඕනෙ.නිකං වාගෙ හම්බ උන 600cc CBR එකකුත් තියනව.ඒකෙ ලියකියවිලි ටික හදා ගන්නත් ඕනෙ.දැම්ම වාගෙ නෙමෙයි කස්ටම් එකේදි තමයි ගේම තියෙන්නෙ.කමක් නෑ,එව්ව මට අදාල නෑ.සේරම පියාට බාර දීල තියෙන්නෙ.

මොනව ලියන්න ආවද කියල මතකත් නෑ...ආ......ටොම්බෝයිල.....මට මේ සීන් කෝන් එක උනේ මේ ඩයල් ටික හින්ද.ඇවිල්ල මාසයයි.තනිකරම පිස්සු කෙලින්නෙ.කරුමෙට ගෙනත් බාර දුන්නෙත් මගෙ ලයින් එකට.බාසාව මෙලෝ හසරක් බෑ.ඉංග්‍රීසි .....හෆොයි අකුරු විසිහයවත් දන්නෙ නෑ.W අකුරට Mලු.L අකුරට F ලු.හික්..........ඉතිං මෙයාලට මට මොකක් හරි කියන්න ඕනෙ උනාම කියන්නෙ උන්ගෙ බාසාවෙන්.ඒ කියන්නෙ තායි බාසාවෙන්.මට තේරෙන එකක්යැ ඔය හරුප.ඉතිං මල අතට එනවා.මම එතකොට සිංහලෙන් අමු කුනුහරපෙන් මුන්ට බනිනවා.ඒකත් මාර ආතල් වැඩේ.ඇයි තේරෙනව කියලයැ. අනික කෙල්ලෙකුට කවද ඔහොම ආතල් කතා කියන්නද..හැබැයි මව් ගුන නම් සිහි කරන්නෙ නෑ.මොකද "අම්මා" කියන වචනෙ ලෝකෙ කොහෙත් එහෙමම තමයි උච්චාරණය කරන්නෙ.කුනුහරප මැද්දට ඕක දැම්මොත් උන්ට මීටර්.අපි පරණ උන් හින්ද අප්පා....මාර ගෞරවේ.දෙයක් කියන පරක්කුව විතරයි.වරදවා හිතන්න ඔට්‍ටු නෑ හරී......දැන් මේ මොන දේ උනත් මේ කෙල්ලො නෙමෙයි.කොල්ලොත් නෙමෙයි,නපුංසකයොත් නෙමෙයි,වර්ග කලොත් ටොම්බෝයි ගනයට තමා අයත් වෙන්නෙ.එහෙම කියන්නෙ මෙයාලගෙ "තැඹිලි" නෑ....හික්.........තැඹිලි තියා දොඩං ගෙඩි සයිස් තියා වෙරළු ගෙඩිතරම් දෙකක්වත් නෑ.තනිකරම ගිංතොට ප්‍රොඩක්ට්.බොරු කියල හිතනවනම් ඕං පොටෝ කෑලි දෙක තුනකුත් ඇමිනුවා.යකෙක් උනත් කමක් නෑ.තැඹිලි නැත්තන් මෙලෝ රහක් නෑනෙ නේද මචංලා.....හිකිස්..........






කෙල්ල ටිකක් හැඩ උනාට ඉතිං වැඩක් නෑ.අව යව අඩුයිනෙ.





පේනවනෙ සිකා එකක් එහෙම ගහගෙන ඉන්න ආතල් එක.




ඔය ඉන්නෙ ඩයල් තුනම.....උඹ කොහෙද මුන් අස්සෙ පොටෝ ගන්න ගියෙ කියල එහෙම අහන්න ඔට්‍ටු නෑ කිව්ව කලින්ම.


මෙයාලට සපෝට් කරන්න ගිහින් රොබට් එකකින් එහාට මෙහාට යන ට්‍රොලියක් කකුල හිල් කොරගෙන ගිහින් තමා අනතුර උනේ.හරි ඒක එහෙමයි....අර බට අදින එක නැවතුන සීන් එකත් ආයතනයටම අදාල හින්ද ඒකත් නිකමට වාගෙ ලියල දාන්න හිතුනා.මෙහෙම එකක් උනේ නැත්තන් සමහර විට මේ වෙනකොට පෙනහළු දෙක කරකුට්ටන් වෙලා "ඩොග්" ගාල අක්මාව දිහාට කඩා වැටිල වෙන්නත් පුළුවන්.ඇයි අප්පා කාගෙන් තහනමක්ද..."ඩන්හිල්","මැල්බරෝ" පැකට් පිටින්ම තමා මුල් දවස් වල සාක්කුවෙ තිබුනෙ.ලංකාවෙදිනම් බයෙන්,බයෙන් හන්දියෙ කඩෙන් එකක් අරන් පිටිපස්සට ගිහින් වට පිට බල,බලා ඕක අදිනකොට සෙට් එකේ උන් කී දෙනෙක් ඕක උදුරනවද...හික්.....හික්....අනික ඒ දවස් වලනම් නෑ.දැන් දඩ ගහන සීන් එකකුත් තියනවලු නේද??කොහොම හරි ඔන්න අපේ ආයතනේ ලන්ච් ටයිම් එකේ.කාල එහෙම ඇවිත් මමයි තව රටවල් වල එවුන් ටිකකුයි එලියෙ බංකුවක් උඩට වෙලා ආතල් එකේ දුම දානවා.මෙන්න බොලේ එක පාරටම අපිට ටිකක් එහායින් ඇවිත් නැවැත්තුවා තඩි අවුඩියක්.මලා....ඕනර්.අවුරුදු 55ක් විතර ඇති.දහ වෙනිදට විතරයි අපි දකින්නෙත්.ආපු අලුත හින්ද වැඩිය අඳුරන්නෙත් නෑ.මෙහෙ සිස්ටම් එකනෙ කවුරු හරි මීට් උනාම දෙකට තුනට නැමිල ආචාර කරණ එක.අපිත් ඉතිං බුවා එතනින් යනකොට ටිකක් විතර නැගිට ඔළුව නැමුවා.කොල්ලො පස් දෙනෙක් හිටියෙ.හික්......දුම කෝච්චියක වාගෙ.මෑනුත් ටිකක් දුර ගිහින් පස්සෙ ආයෙත් ආපහු ආවා.ඇවිත්

"ම්..........කොහෙද තමුන්ගෙ රටවල්....."

"චයිනා ,පිලිපීන්, ශ්‍රී ලංකා, වියට්නාම්, රසියා."

"වයස......"" 28,26,23,29,27"

"තමුසෙල ගෙදරදිත් අම්මල තාත්තල ඉස්සරහ ඔහොම ලෝඩ්ල වාගෙ සිගරට් ගහනවද???"

කට්ටියම මීක් නෑ....බිම බලාගෙන ඉන්නවා.

"තමුසෙල පස් දෙනා මගෙ කොම්පැණියෙ ඉන්නකන් සිගරට් බීම තහනම් හරි...එහෙම බැරිනම් වෙන එකකට යන්න පුළුවන්....තරහට නෙමෙයි,තාත්ත කෙනෙක් වාගෙ හිතල කිව්වෙ..."

එහෙම කියල ලොක්ක යන්න ගියා.අපි ටික මූනෙන් මූන බලාගෙන අතේ තිබුන කොට ටික පැත්තක විසික් කෙරුවා.එදා ඉඳල තාමත් සිගරට් එකක් දිහා නෙමෙයි ඇහැක් ඇරල බැලුවෙ ඕං.......

Friday, January 21, 2011

දිනේෂ් අසනීපෙන්

ඊයේ දින ආයතනය තුල සිදුවූ හදිසි අනතුරක් නිසා රෝහල් ගතකල බැවින් ටික දිනකට බ්ලොග් අවකාශයේ නොමැති බව දිනේෂ් ගේ මිතුරකු දිනේෂ් වෙනුවෙන් මෙසේ සටහන් තබන ලදී...

Wednesday, January 19, 2011

කුළුඳුල් පෙම්වතිය සමඟ පින්නවල ‍ටුවර් එක.(ප්‍රතම ප්‍රේමයේ සොඳුරු මතකයක්)








දහම් පාසලේදි ආරම්භ උන ප්‍රතම ප්‍රේමය ගැන මම කලින් වතාවක් දෙකකදි කිව්ව නොවැ.කවුරු හරි බලපු නැති කෙනෙක් ඉන්නවනම් ඕං මෙතනින් ගිහින් බලන්න පුලුවන්.මේක මේ ආදර කතාව පටන් ගත්තට පස්සෙ උන සීන් එකක්.ඔතනදි භාග්‍යට ට්‍රයි කරල වැ‍ටුනෙ නැති තැන එයාගෙ යාළුව වාගෙම මගෙ සපෝටරුත් උන දුල්මිණිව ගොඩාක් හිතට ‍ෆිට් උන වෙලාවක එයාගෙන් ඇහුවට පස්සෙ හරි පුදුම විදියට එයා කැමති උනා.හැබැයි සපෝටර් කැමති වෙලා ටික දවසකින්ම කලින් ට්‍රයි කරපු කෙල්ලත් කැමැත්ත ප්‍රකාශ කලා.කතාව කෙටියෙන් කිව්වොත් ඔහොමයි.

ඒ උනාට දැන් මගෙ හිතේ කලින් කෙල්ල නෑ. මේ වෙනකොට සපෝටර් තමා මගෙ සිහින කුමාරි.හැබැයි භාග්‍ය දන්නෙ නෑ මෙ මොනාවත්.දැන් ඔන්න ෆ්‍රස්ට් ලව් එක පටන් අරන් හරියටම මාසෙකට වැඩිය නෑ.මම දැන් 11 වසරෙ.කෙල්ල 10 වසරෙ.අප්පා....‍රැවුලවත් හරියට ඇවිල්ල නෑ.හි.....හී.......ඔන්න ඔය කාලෙ දුල්මිණි කම්පියුටර් කෝස් එකක් පටන් ගත්තා කෑගල්ලෙ ටෙක් ශ්‍රී ලංකා එකේ.බඩුම තමා ,මටත් සෙනසුරාදට පොල්ගහවෙල "පියසේන" සර්ගෙ ගනන් ක්ලාස්.ඔය පියසේන සර් පොල්ගහවෙල පැත්තෙ නොදන්න කොල්ලෙක් නෑ මගෙ හිතේ.දැන් ඉතිං කෑල්ල වැ‍ටුන අලුතනෙ.මම පාගල් එකේ හවසට කෙල්ලගෙ ගෙවල් පැත්තෙ එහෙම පොඩි රවුමක් දානවා.ගේ දැක්කත් ඇති .කෙල්ලත් දකින්න හිටියොත් එහෙම ටටා පාරක් දානවා.තාම අපි දෙන්නට ඒ උනාට හරියට කතා කරන්න අවස්ථාවක් හම්බ උනේ නෑ.ඒ කියන්නෙ ඉතිං ලව් කරන්න වාගෙ.ඔන්න දැන් දෙන්න කතාවෙලා ඊලඟ සෙනසුරාද බස් එකේ කෑගල්ලට යන්න කතා කර ගත්තා.අපි ඉන්න පාරෙන් කෑගල්ලට යන්නෙ පොල්ගහවෙල හරහා.ඉතිං මම කලින්ම ඔන්න දැන් පොල්ගහවෙලට ගිහින් ඉන්නවා.එයාට ටෙක් පටන් ගන්නෙ 8.30ට.10.30ට ඉවරයි.ආයෙ ප්‍රැක්ටිකල් 10.30 ඉඳන් 12.30 වෙනකන්.

කුරුණෑගල ඉඳන් එන හැම බස් එකක් දිහාම ඇස් පිල්ලමක්වත් නොගහ තමා බලන් ඉන්නෙ.ඔන්න එක බස් එකකින් බලාපොරොත්තුවෙන් හිටපු එක්කෙනා බැස්සා.කකුල් දෙක ලඟටම දිග ගවුමක් ඇඳල.බෝනිකි කට් ගහල (වචනෙ ගෝල්ඩ් fish ගෙන් ඉස්සුවෙ),පොත් ටිකත් පපුවට තුරුළු කරන් බයෙන් වාගෙ මං ලඟට ආවා.

"අයියෝ....තාත්තත් ටවුන් එන්න ලෑස්තිය ඉක්මණට යමු".

ඔන්න අපි දෙන්නත් නැග්ගා කුරුණෑගල කෑගල්ල සීටීබියකට.උදේ හින්ද සී‍ටුත් ගොඩක් හිස්.දැන් ඔන්න මට එහා පැත්තෙ දුල්මිණි.අම්මෝ.....කොච්චර කාලයක් තිස්සෙ දන්න කෙනෙක්ද.දැන් මේ මගේ ලඟ.ඉතිං ඔය පාර ඉස්සර කාපට් කරල එහෙම නෑ.ඇලට,වෙලට ගමන තමා.දැන් කෙල්ල ඇ‍ඟෙත් ගෑවෙනවා. මටනම් හරි අමුතුයි වාගෙ.කවද උන දේවල්ද?? කතා කරන්න ගොඩක් දේ තිබුනට දැන් මොනාවත් මතකෙට එන්නෙත් නෑ.කෙල්ල කියවන්නෙම භාග්‍ය ගැන.

"එයා දැන ගත්තහම මොනව හිතයිද අයියෙ.. ,ඊයෙත් ඔයා ගැන ඇහුව."
"ආයෙ එයා ගැන කතා කරන්න එපා....මම එහෙම කෙනෙක් දන්නෙ නෑ."
කෙල්ලට මාර ‍ෆිට්."ඇත්......ත...ටමද .....කි..ව්..වෙ.."
"හ්..ම්...."

ඔය වාගෙ සරල දෙබස් හුවමාරු වෙවී ඔන්න කෑගල්ලට ලන් උනා.තාම වෙලාව 7.45යි.වෙලාවත් තියන එකේ මාත් හිමින් ,හිමින් එයත් එක්කම ක්ලාස් එක ලඟට ගියා.ඔය කෑගල්ලෙ ටෙක් පාර අළුත් කෆල් වලට ටෝක් කරන්න මරු පොට් එකක් ටිකක් ප්‍රසිද්දයිත් එක්ක.පස්සෙ කාලෙකදි තමා දැන ගත්තෙ ඔය පාරට "ලව් ලේන්" එක කියලත් කියනව කියල..ටවුම මැදින් වාගෙ වැටිල තිබුනත් වංගු,කඳු වාගෙ හරි අමුතු විදියකට පිහිටල තියෙන්නෙ.ටිකක් නැවතිලා කතා කර,කර ඉන්නකොට 300 ඩෑෂ් කාර් කාරයෙක් ටිකක් අපි ගාව ස්ලෝ කරල රවාගෙන වාගෙ ගියා.දන්නෙ නැති බුවෙක් හින්ද වැඩිය ඌ ගැන මීටර් කරන්න ගියෙත් නෑ.විනාඩි පහක්වත් ගියෙ නෑ,මෙන්න බොලේ තඩි ට්‍රැ‍ෆික් බයික් එකක් ඇවිල්ල මගෙ ඇගේ ගෑවෙන නොගෑවෙන සයිස් එකට නතර කෙරුවා.ඉස්සරහ සාජන් ලොක්කෙක්,පිටිපස්සෙ නිකන්ම කොස්සෙක්.

"මොකද මෙතන......"
"සර්......මේ....ක්ලාස් එකට යන්න..."
"එහෙනං ඒකට යන්න,මෙහෙම තැන් ,තැන් වල ඉන්නකොට අපිට අවට මිනිස්සුන්ගෙන් කම්ප්ලේන් එනව".

හරි බුවාගෙ කතාව අවුලක් නෑ.මෙන්න යකෝ අර කොස්ස පිටිපස්සෙ ඉඳන්....

"හැ***න ඕනෙ නම් පාක් තියනව,හෝටල් තියනව.ඒ එහෙකට යන එකනෙ තියෙන්නෙ..... මෙතන අපිට ඩියුටි කර ගන්න දෙන්නෙත් නෑ...."

මට මේ සීන් එක අද වාගෙ මතක මූ ඒක කිව්වෙ කෙල්ලගෙ මූන දිහා බලාගෙන .වැඩි වයසක මෑන් කෙනෙක් නෙමෙයි.ඕනෙනම් දැන් අපේ වයස වාගෙ ඇති.දුල්මිණිගෙ මූන රතු උනා.ඊට පස්සෙ සාජන් බුවා
"මෙතන ඉන්න එපා යන්න,යන්න..."
එහෙම කියල යන්තන් මෑන්ස්ල දෙන්න යන්න ගියා.අර ඊයෙ පෙරේද කැම්පස් කේස් වලදි කඳුළු ගෑස් වැදිල වැටිල හිටපු කෙල්ලන්ටත් ගහපු මේ මෑන්ස්ලට අර වාගෙ කතාවක් පොඩි කෙල්ලෙකුට කියන එකත් ගේමක් නෙමෙයි තමා.අපි දෙන්න ඔන්න දැන් ඉස්සෙරවෙලාම දවසෙ පොලිසියෙන් බැනුමුත් අහගෙන එයාව ක්ලාස් එකට දාන්න යනකොට ක්ලාස් එකේ ළමයි තුන් හතර දෙනෙක් ආපහු එනවා.
"දුල්මිණි අද ක්ලාස් නෑ,එක හින්ද ප්‍රැක්ටිකල් වලට ඉන්නත් බෑ අනේ.අපි යනව".
"දිනේෂ් අයියෙ ඔයා චුට්ටක් ඔහොම ඉන්න,මම කෝකටත් ගිහින් බලල එන්නම්.."
වැඩේ ඇත්ත තමා.මෙන්න බොලේ අද සර් නැතිලු.දැන් අපි දෙන්න ආපහු එනවා.ඒ එන ගමන් මම නිකමට වාගෙ

"පින්නවල යමුද??"
" මෙතන ඉඳන් ගොඩක් ඈතයිද?2.00 වෙනකොට ගෙදර යන්න පුළුවන්ද??"

එලම තමා.කෙල්ල කැමතියි.......(පින්නවල ඔයාල හැමෝම දන්නව ඇති මගෙ හිතේ...අර අලි අනාථාගාරය තියෙන්නෙ.අන්න එහෙ.)ලොක්ක වාගෙ යෝජනාව දැම්මට මමවත් එක පාරක්වත් ගිහිල්ල තිබුනෙ නෑ ඕකට.දැන් මෙතන ඉඳන් දුල්මිණි පාරවල් දන්නෙ නෑ.මට ඒකත් ටිකක් බයයි.ඇයි..මෙයාව මඟ ඇරෙයි කියල බය.ඇයි අප්පා 11 වසරෙ කියන්නෙ මහ ලොකු උන්යැ.ක්ලාස් එකට යන එන ටිකේදි එහෙම ටිකක් විතර ඈතින් වාගෙ හිටියට දැන් කෙල්ල මං ලඟමයි.දැන් ඔන්න නැග්ගා රඹුක්කන බස් එකට.

"මට බයයි වාගෙ....."
"ඇයි.....?"
"අඳුරන කවුරුහරි ඉඳියිද....?"
"මෙහෙ අපේ පැත්තෙ අය නෑ..."
ටිකක් නැලවිලා එහෙම...
"ම්.....එහෙනං කමක් නෑ...."

අපේ සීට් එකට ඉස්සරහ සීට් එකේ අක්ක කෙනෙක් ලඟ හිටිය ෂෝක් බබෙක්.එයා දැන් අපි ඉන්න පැත්ත හැරිල හිනා වෙනවයි,දුල්මිණිගෙ අතින් අල්ලනවයි ඔය වාගෙ පොඩි ළදරු සීන් එකකුත් පටන් ගත්තා.

"ලස්සනයි නේද?කෙල්ලෙක්ද??"
මම නිකමට වාගෙ ඇහුවෙ.කියන්න දෙයක් තිබුනෙ නැති හින්ද.
"කොල්ලෙක් නේද...??"ටිකක් විතර කනට කිට්‍ටු කරල "මටත් ඕනෙ ඒ වාගෙ බබෙක්...."

බුදු අම්මෝ......මේ චූටි කෙල්ල කියන කතා......!!!
මගෙත් කට හොඳ නෑනෙ.

"දැන්මම.."
"තරහයි ඈ...."
ඔන්න එතකොටම බස් එකේ සෙට් එකේ යනව අතුල අදිකාරිගෙ "ඇතින්නියේ.." සිංදුව.(සොඬින් නෙළුම් මල ගෙනියන බතික් රන් පටින් දිදුලන....) ඒ දවස් වල ඔය සිංදුව මට මාර ගති.

"මගෙ ෆේවරිට් සෝන් එක"
"ම්......ලස්සනයි තමා...අර දම්පාටින් ලා සඳ බැස යනවා කියන එක තමයි මම කැමතිම එක".
"අපෝ.... ඒක නරක සිංදුවක්නෙ...."
"ඇයි....???"
"මැද හරියෙදි ලමැද තලා යහනේ ඉන්නම් කියන කතාවකුත් කියනව නේද?"
"ඇත්තමයි අයියෙ,මට නිකමට හිතුන ඔයා ඔය කතාව කියයි කියල...අයියෝ.......මම සිංදුවට කැමති ලස්සන හින්ද වචනෙන්,වචනෙ හොයන්න ගියෙ නෑ....,ඔයා නම්............."

කොහොම හරි ඔන්න අපි පොට් එකෙන් බැහැ ගත්ත.ඔතන ඉන්නව ‍ටුවරිස්ලට එක,එක අයිටම් වර්ග විකුණන ටිකක් විතර මදාවි බුවාල ටිකක්.

"අදනම් අම්මට කියනව ක්ලාස් ගියෙ නෑ කියල.."

මොකෙක්ද එකෙක් කියනව ඇහුන.මට චුට්ටක් විතර බයත් හිතුන.තාම පොඩි උන්නෙ අප්පා........සිරාවටම හිතුන මුන් මට ගහල මේ රෝස මල උදුර ගත්තොත් කියල.අර කතාව කියනව ඇහුන විතරයි මෙන්නෙ කෙල්ල අතේ එල්ලුනා.එතකොට දැක්ක කෆල් කීපයකුත් ටිකට් ගන්න තැන ඉන්නවා.චුට්ටක් විතර බය නැති උනා.නැත්තන් උදේ පොලිස් පෝරියල් එකකුත් කාලනෙ ඉන්නෙ.මම බයෙන් වාගෙ ඉන්නව දැක්කොත් කෙල්ල අනිවා ඊටත් වැඩිය බය වෙලා ආපහු යමු කියන්නත් ඉඩ තියනවා.අහම්බෙන් හම්බ උන චාන්ස් එක.පාර්සල් බෑග් තියන තැනින් පොත් ටික ඔබල යන්තං අත් දෙක නිදහස් කර ගත්තා.දැන් ෂෝයි.ඔන්න දැන් අපි ඇතුලෙ අලි බලනවා.අලිත් ආතල් එකේ පිස්සු කෙල,කෙල ඉන්නවා.

එක පාරටම මෙන්න බොලේ එකෙක් අපි ඉන්න දිහාට දුවගෙන එනවා.අපි විතරක් නෙමෙයි වටේ හිටපු උනුත් සීන් එකට බය උනා.දුල්මිණි ඇඟේ එල්ලිච්ච පාර එයාගෙ නියපොත්තකට අතත් සෑහෙන්න විතර සීරුනා.දන්නවනෙ කෙල්ලො පොඩි කියල නෑනෙ ස්ටයිල් එක.ඉක්මණට කෙල්ලත් ඇදගෙන හට් එකකට මුවා උනා.හික්.......මේක ඇවිල්ල තියෙන්නෙ අපි පස්සෙ නෙමෙයි.උගෙ ගැන්සිය ලඟට.ඔය අස්සෙ ලඟ හිටපු ‍ටුවරිස්ල සෙට් එකක් අපිව පොටෝ කෑල්ලකටත් අල්ල ගත්ත මතකයි.හික්......පිට රට හින්ද අවුලක් නෑ.කොහොම හරි 12 විතර වෙන්නත් ආපු හින්ද අපි ආපහු එන්න ආවා.යන්තං 1.30 වෙනකොට පොල්ගහවෙලින් බැහැල දෙන්න බස් දෙකක ගෙදර ගියා.මොකද බහින්න තියෙන්නෙ එකම හෝල්ට් එකෙන්නෙ.එක බස් එකේ ඇවිල්ල ගමේ මොකෙක් හරි බුවෙකුට මීටර් උනොත් එහෙම.

දැන් ඔන්න දුල්මිණිව ඊලඟ සතියෙ දහම් පාසලේදි මීට් උන වෙලාවෙ මම නිකමට ඇහුව එදා යාළුවො මොකද කිව්වෙ කියල.ඇයි ටෙක් එකේ මෙයාගෙ යාළුවන්ට මාව එදා මීටර් උනානෙ.

"අපෝ....දන්නෙ නැද්ද උන්ගෙ කටවල්.."
"ඇයි මොකද...?මට බැන්නද,ඒ......ඒක මොකෙද්ද කියල ඇහුවද...?"
"නෑ....නෑ ...අනේ..උන් ඇහුව අපි කොහෙද ගියෙ කියල,මම කිව්ව පින්නවල ගියා කියල"
"ඉතිං...."
"උන්ට ෂුවර් නෑ....උන් අහනව කෝ....කොහෙද ඉදිමිලා තියෙන්නෙ බලන්න කියල..."

අප්පට සිරි..අපි පොඩියි,පොඩියි කියල හිතුවට මොකද 10 වසරෙ ඉන්න කෙල්ලො හිතන දේවල්.......හික්......හික්.......

Saturday, January 15, 2011

අවසානයේදී සපෝටර්,පෙම්වතිය වූ මගේ ප්‍රතම ආදර කතාව.....(නිමි.)









කොල්ලෙකුට ෆ්‍රස්ට් ලව් එක කියන්නෙ මොන වගේ අද්දැකීමක්ද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.මාත් ඉතින් කුළුදුලේම ලව් කරන්න පටන් ගත්තු කාලෙ කතාවෙ පොඩි කොටසක් කලින් ලිව්ව නොවැ.නොබලපු අය ඉන්නවනම්මෙතනින් ගිහින් ඒ කොටස ටිකක් බලලම ආවනම් කතාව හරියටම මීටර් වෙයි.

දැන් ඔන්න ඉක්මණට හසුන එයාගෙ අතින් තිබ්බා.ඒ වෙලාවෙ දුල්මිණිගෙ අතත් චුට්ටක් විතර ටච් උනා.අපි මිශ්‍ර ස්කෝලෙක නෙමෙයි හින්ද ඒකත් ඒ දවස් වල හරි අමුතු හැඟීමක්.ට්‍රයි කරන එක නෙමෙයි තමා.ඒ උනාට...අනේ මන්ද,ඒ සියුමැලි චූටි අත...දැනුත් අද ඊයෙ වාගෙ මතකයි.ඔන්න දැන් හිතේ තිබුන එක වදයක් ඉවරයි.කොහොම හරි ලියුම දී ගත්තනෙ.
දැන් ඊලඟ සතියෙ.,ඔන්න වැඩේ යාළුව ඇවිත් නෑ.ට්‍රයි එක විතරයි.මමනම් මාර බයයි ඒ දවස් වල භාග්‍ය එක්ක කතා කරන්න .වචන පැටලෙයි,අනවශ්‍ය දෙයක් කියවෙයි,කියන එව්ව ගැලපෙන්නෙ නැති වෙයි ඔය වාගෙ විවිධ හේතු හිතට එනවා.එදා ඉතින් රුවනට මගෙන් දස වදේ.

"මචං භාග්‍ය ගෙන් අහපන්කො ලියුම ගැන."
"කොහොමද බං එක පාරටම එහෙම අහන්නෙ?අපි ඒකි එක්ක එච්චර කතා කරලත් නෑනෙ."
"උඹට පුළුවන්..,මොකක් හරි කියල ෂෙප් එකේ අහපන් මචං"
"එහෙනම් උඹත් වරෙන්"

දැන් ඔන්න අපි දෙන්නම අමාරුවෙන් ඉන්ටවල් එක ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි භාග්‍යව ටෝක් කලා.මම නෙමෙයි රුවන.

"නංගි දුල්මිණි ඔයාට මොකක් හරි දෙයක් ගැන කිව්වද?"
"මොනවද?"
"මේ........දිනේ.....ෂ්ගෙ......ඔයා ගැන අදහසක් තියනවා.."

තව වචනයක් කතා කරන්න හම්බ උනේ නෑ.

"අයියෝ........මොනවද??ඔයාලට පිස්සුද අනේ......."

ඒ වචන ටික අහපු වෙලාවෙ හිත රිදුන තරම් මේ අද වෙනකනුත් වෙලා නැතුව ඇති.එහෙම කියපු එයා ඉක්මණට ක්ලාස් එක ඇතුලට ගියා.ඔන්න නියම යාළුවෙක්ගෙ වටිනාකම දැනෙන වෙලාව.ඇත්තටම රුවන් කියන්නෙ මගෙම සහෝදරයෙක් වාගෙ බුවෙක්.

"අඩෝ ඔච්චර අප්සෙට් ගන්න එපා බං.අපි ආයෙ දුල්මිණිට කියල බලමු"

ඌ පුළුවන් තරම් මගෙ හිත හැදුවා.දැන් ඔය විදියට මාස තුනක් හතරක් විතර ගෙවිල ගියා.ලියුම් 20කට වැඩිය දුන්නා.ආසාවට එක රිප්ලයි එකක් නෑ.දුල්මිණිටත් අපි හෙන ඇනේ.දකින් දකින පාරට අහන්නෙ භාග්‍ය මොකද කිව්වෙ කියල.

"එයා කැමති නෑ අනේ.........O/L ඉවර වෙනකන් ඔව්ව මොනාවත් හිතන්නෙ නැතිලු."
"හරි ඉතින් නංගි කැමතිද නැද්ද විතරක් කියන්න කියන්නකො.ඊට පස්සෙ අපි exam ඉවර වෙනකන් එයා එක්ක කතාවත් නොකර ඉන්නම්"

ඔන්න true love.

"මට පුළුවන් හැම විදියටම කිව්ව අයියෙ.අනේ මං දන්නෙ නෑ...."
(පව් ඒකිටත් පුළුවන් සීමාවක් තියනවනෙ.)"එහෙන් ප්‍රසන්න අයියගෙනුත් මට කරදරේ"
"ඉතිං භාග්‍ය ප්‍රසන්නට කැමතිද?"
"අපෝ.....නෑ...."

ෂිහ් එක්කෝ මේකි එකෙකුට වැටෙන්න ඕනෙ.එහෙමත් නෑ.නිකන් කොල්ලො අවුස්සනව.හික්......නෑ,නෑ....අපෙයි වැ‍රැද්ද.දැන් අපිනෙ ඇවිස්සිලා තියෙන්නෙ.ඔය දවස් වල නොවැරදීම අනිවා අහපු එකක් තමා ඉරිද රෑ "සිරස හින්දි ටොප් ‍ටුවෙන්ටි"ඇයි හිතේ දුකයි,කලකිරීමයි,බලාපොරොත්තුවයි ඔක්කොම කලවං වෙලානෙ තියෙන්නෙ.ඔය සේරටම මටනං ටිකක් විතර විසදුම තමයි හින්දි සිංදුවක් අහන එක.

"දීරෙ,දීරේ සේ මෙරි සින්දගීකෙ ආයා.............දීරෙ,දීරේ මේරෙ දිල්කෝ ජුරායා..........."

මේකනම් මහ අමු පිස්සෙක් කියල හිතෙනව ඇති නේද...?හික්....හික්....තනිකරම පිස්ස තමා.පුරා අවුරුද්දක් නන්ස්ටොප් භාග්‍යට බැහැලම ට්‍රයි කලා.කිසිම සතු‍ටුදායක පිලිතුරක් නෑ.ඔය අස්සෙ ප්‍රසන්නයටත් බැරුවමද කොහෙද මේක අතෑරල වෙන කෑල්ලක් සෙට් කොරගෙන.උන් නිකන් අපි වාගෙ බල,බල ඉන්න උන් නෙමෙයි.අනික අපි කෙල්ලන්ට සෙකන්ඩ් වෙනව වැඩිද මන්ද කියලත් හිතුනා.හී...........මොන සෙකන්ඩ් ද?කෙල්ල මතක් වෙනකොට ඇඬෙනවා.වෙන එකක් ගැන තුන් හිතකින්වත් හිතන්න හිතෙන්නෑ.ඒ තරම් ලව්.

දැන් කට්ටියම 11 වසරටත් පාස් උනා.මම තාම ට්‍රයි.ඒ උනාට කෙල්ල නෙමෙයි කැමති.ලස්සන වැඩි කමද,ආඩම්බර කමද,අධ්‍යාපනේ උවමනාවද මොකද්ද කියල හිතා ගන්න බෑ.ඔය දවස් වල ඔටෝ ග්‍රාෆ් වැඩෙත් නැගල යන කාලෙනෙ.ඉතින් මං මගෙ එකත් දුන්න දුල්මිණිට භාග්‍යට දෙන්න කියල.ඔතනදි තව චාටර් සීන් එකකුත් උනා.හෆොයි...

ඕකෙ තියනවනෙ තමන් කැමතිම ‍ෆිල්ම්,පොත්,සඟරා,පත්තර එහෙමත් ලියන්න තැනක්.ඕකෙදි අපේ පංතියෙ හිටපු එකෙක් කැමතිම පත්තර සඟරා තියන තැන "සීදේවි","නවරස","ගින්දර",මකුණා" play boyඔන්න ඔව්වගෙ නම් ටික ලියල.මටත් වැඩි ගානක් නැතුව තමයි ඔටෝ එක දුන්නෙ.කරුමෙ කියන්නෙ එදා රෑ නිව්ස් වලට පෙන්නුව කොලඹ අසභ්‍ය පත්තර සඟරා තියන තැන් පොලිසියෙන් වටලල ගිනි තියන සීන් එකක්.එතනදි පත්තර වල නම් පෙන්නුවෙ අර කලින් කියපුවගෙ. පස්සෙ දවසෙ හම්බ උනාම දුල්මිණි අහනව "අර ඔයාගෙ යාළුවගෙ favorites magazine ටික නේද ඊයෙ පොලිසියෙන් අල්ලල තියෙන්නෙ" කියල.මොනව කරන්නද ඉතින් කොල්ලොනෙ....හික්.......

දැන්,දැන් දුල්මිණි ගොඩාක් මට ලං උනා.එයා මාර ට්‍රයි එකක් දුන්නෙ කෙල්ලව මට සෙට් කරන්න.ඔන්න එයාලගෙ වාර විභාගෙ දවසක,ටිකක් කලින් exam ඉවර වෙලා එනවා.එදත් පුරුදු විදියට ගිහින් භාග්‍ය ගැන ඇහුවා.පරණ උත්තරේම තමා ලැබෙන්නෙ.දැන් මටත් මේක ඇතිවෙලා.

"auto එක තාම දුන්නෙ නෑ අයියෙ,මම පස්සෙ ඉල්ලල දෙන්නම්කො හදිස්සි නෑනෙ."

"නෑ....දුල්මිණි මං ඔයාගෙන් දෙයක් ඇහුවොත් ඔයා වරදවා හිතන්නෙ නෑ නේද?"
"ඒ මොකද්ද?"

"ඔයාගෙන්.......ඔයාගෙන් මම ආදරේ ඉල්ලුවොත් ඒක මට ලැබෙයිද?"

"හ්..............හී...........දිනේෂ් අයියෙ.........ඔයා.........!!!"

කෙල්ල පය ඉක්මන් කරන්න උනා.මම ටිකක් ස්ලෝ උනා.දැන්නම් ඇවිද ගන්නත් ‍ෆිට් නැති තරම්.ටික දවසක ඉඳන් හිතේ තද කරගෙන හිටපු සිතුවිල්ලක් එහෙම එලියට දාන්න ලැබුන එකත් ලොකු සැනසීමක් වාගෙ.ඔන්න ඔහෙ ඕනෙ එකක්.නැති උනොත් සේරම නැතිවෙච්චාවෙ කියල හිත හදාගෙන ගෙදර ගියා.පහුවදාත් ස්කූල් වෑන් එකේ එන්නෙ නැතුව ඉක්මණට ඇවිත් ගමේ ස්කෝලෙ පැත්තට කිට්‍ටු උනා.කෙල්ල එනවා.කෙල්ල කිව්වෙ දැන් භාග්‍ය නෙමෙයි.දුල්මිණි.හැබැයි මූනෙ නපුරු පෙනුමක්නම් නෑ.

"අයියෝ.....අයියෙ අරක මං ලබන සතියෙවත් ඉල්ලල දෙන්නම්,භාග්‍යල ගමේ ගිහින් ගෙදර කවුරුවත්ම නෑ"

දැක්ක ගමන් මේ මොනව කියනවද මන්ද.මොන autoද දැන්.

"ඔයා මං අහපු එකට මොකද කියන්නෙ....?"
"අපෝ.....ටිකක් ඉවසල ඉන්නකො exam ඉවර උනාම එයා කැමති වෙයි......"
"ඔයත් මගෙ හිත රිදවන්න එපා දුල්මිණි.......please කියන්න...."

පලමු වතාවට දුල්මිණි කෙලින්ම මගෙ ඇස් දෙක දිහා බැලුවා.මෙච්චර ලස්සන කෙල්ලෙක් මට කැමති වෙයිද කියලත් එතකොටනම් නිකමට වාගෙ හිතුනා.

"ම්ම්ම්ම්ම්...........බලමු"

ඔය තියෙන්නෙ......බඩුම තමා...........................මොන මඟුලකට මිරිගුවක් පස්සෙ ගියාද කියල හිතුනා.ඊට දවස් දෙක තුනකට පස්සෙ කැමතියි කියන වචනෙම අහ ගන්න තරම් ඔන්න මේ බුවා ලකී උනා.

හැබැයි සංවේදීම සීන් එක උනේ මෙතන ඉඳන්.සතියකට විතර පස්සෙ භාග්‍යල ගමේ ගිහින් ඇවිල්ල.එක බදාද දවසක හවස පොඩි එකෙක් ඇවිත්

"දිනේෂ් අයියේ................දුල්මිණි අක්ක එන්න කිව්වා............"

නොදෝමකින් මේකගෙ කට ,අහල,පහල ගෙවල් සේරටම ඇහෙන්න ඇති.මොනව කරන්නද .බච්චනෙ.නොතේරුම් කම නොවැ.ඇහුන විතරයි මමත් ඉක්මණට පාගල් එක අරන් එයාලගෙ ගෙවල් ලඟ රබර් වත්ත කෙලවරට ගියා.මෙන්න ඉන්නව කෙල්ල auto එකත් අතේ තියන් බයෙන්,බයෙන් වට පිට බල,බලා.මේක දෙන්නද මේ එන්න කිව්වෙ.

"අයියෙ......"

ඒත්.... ඒ ඇස් දෙකේ කඳුලු පිරිලා.........

"ඇයි ළමයො මොකද මේ........"
"අයියෙ භාග්‍ය ඔයාට කැමති උනොත් මාව අමතක කරණව නේද ඔයා"

"මොනවද දුල්මිණි ඔයා මේ කියන්නෙ.ආයෙ මම එයා ගැන හිතන්නෙ නෑ කියල ඔයාට පොරොන්දු උනානෙ."
"මගෙ ඔළුවෙ අත තියල සත්තයි කියන්න"

යන්තන් වාගෙ බයෙන් ,බයෙන් අත එයාගෙ උරහිසෙන් තිබ්බා.වටේ,පිටේ මොකෙක් හරි දැක්කොත් එහෙමනම් සොරිම තමා.කෙල්ලගෙ තාත්ත පට්ටම,පට්ට සැර බුවෙක්.

"භාග්‍ය .....ඔයාට කැමතියිලු"

එහෙම කියද්දි පව් කෙල්ලට ඉකි ගැහුනා.හිත ටිකක් විතර තිගැස්සුනත් ඒ වගක් කෙල්ලට පෙන්නන්න ගියෙ නෑ.

"දුල්මිණි ඔයා ඒක ෂේප් කරල දාන්න.කොහොමද ඔයා දන්නෙ..?"

"එයා මට කිව්වා..auto එකේ ලියල තියන එව්ව දැක්කම මට පුදුම හිතුනා මේ භාග්‍යද කියලත්"

"කෝ දෙන්න බලන්න ,මොනාද ලියල තියෙන්නෙ."

"මම ඒ කොලේ ඉ රුව අයියෙ.....මට ඒක ඔයාට පෙන්නන්න තරම් හිත හයිය නෑ."
'හරි,හරි ඔයා දැන් ඕක අමතක කරල දාන්න."

එහෙම කියල මම ඉතින් auto එකත් අරගෙන එන්න ආවා.ආපු ගමන් බැලුව පෙරලල.කොහෙද ඒ කොලේ නෑ තමා.ඒ දවස් වල චන්ද්‍රිකා මැඩම්ගෙ කාලෙ.මතක ඇතිනෙ පැය ගනන් ලයිට් කැපුවා.මාත් ඉතින් කඩපු කොලේට යටින් තියන කොලේ චිමිනියට අල්ලල බැලුව පොඩි කොපි පාරක්වත් හොයා ගන්න පුළුවන් වෙයිද කියල.යාන්තමට වාගෙ දැක්ක ලියල තිබිල තියනව නිරෝෂා විරාජිනීගෙ සිංදුවක කෑල්ලකුත්.

සඳ සිසිලේ මේ රෑ...........සඳ කැල්මේ යාවී..............උනුසුම ඔබෙ ආ...දරේ සොයා එමී ප්‍රියේ....................

දැන් මේ මොන දේ උනත් දුල්මිණිගෙ හිතට හරි නෑ කියල මට 100%ක් ෂුවර්.මොකද කරන්නේ...................දෙපාරක් හිතුවෙ නෑ.ගැහුව බ්ලේඩ් එක පොත් මේසෙ.ඇස් දෙක පියාගෙන ඇඟිල්ල තිබ්බ බ්ලේඩ් එක උඩින්.ලේ බිංදුව,බිංදුව එනවා.ලිව්ව ලියුමක්.ඔන්න ඒක දුන්න දවසෙ ඉඳල තමා කෙල්ලගෙ හිතේ තිබුන අව්ශ්වාසෙ නැති උනේ.

ඔන්න ඔහොමයි ඉතින් අන්තිමට සපෝටර් පෙම්වතිය උනේ...............සීන් එක ටිකක් දිග වැඩි උනා.ඇයි අප්පේ අවුරුදු එක හමාරක විතර කතාවක්නෙ.

Thursday, January 13, 2011

අවසානයේදී සපෝටර්, පෙම්වතිය වූ මගේ ප්‍රතම ආදර කතාව..










ගොඩක් අයගෙ ප්‍රථම ආදර කතාව පටන් ගන්නෙ ස්කෝලෙදි උනාට මගෙ ප්‍රස්ට් ලව් එක කේන්ද්‍ර ගත උනේ පංසල මුල්කරගෙන.පංසලේදි කිව්වෙ ඉතින් ඉරිද දහම් පාසලේදි.ඒ ගමන හිතනවද දන්නෙ නෑ යකෝ මූ දහම් පාසලුත් ගිහින් තියනවද කියල.ඉන්නකො ඉතින්....., ගියා නෙමෙයි යැවුනා..යන්තන් ස්කෝලෙ තුන වසරට පාස් උනා විතරයි එකා යකා වෙයිද දන්නෙ නෑ...කොල්ලව හොඳට හදා ගන්න ඕනෙ කියල අම්මයි,තාත්තයි දෙන්නම එක්කල ගිහින් අතෑරියෙ නැද්ද මාව ගමේ පංසලේ තියන දහම් පාසලට.පොඩි කාලෙනම් ඕකට යනව කියන්නෙ ඉරිදට මරණව වාගෙ වැඩක්.ඇයි උදේ පංසිල් ගන්නකොට රටේම තියන ගාථ ටික ඔක්කොම කියන්න ඕනෙ.ඒ මදිවට කණ්ඩායම් බෙදල තිබුනෙ පංසිල් දෙන්න.තව දහම් පාසල් ගීතෙ කියන්න ඕනෙ.‍රැස්වීමෙ කතාවක් පවත්වන්න ඕනෙ.මටනං ඒ දවස්වල එපා උනේ ඔය උදේට තියන වත් පිළිවෙත් ටික කොරණ එක.ආ......අනිත් වැඩේ ජාතික ඇඳුම අඳින එක.ඔය පොඩි පංති වලදි පන බයේ හිටියෙ සරම කැඩෙන සීන් එකට.සමහර දවස් වලට ඉතින් ඕක කැඩිල ඇඳ ගන්න දහ දුක් විඳිනකොට උගන්වන්න හිටපු අක්කල ඇවිල්ල පිළිවෙලකට අන්දල දෙනවා.එතනත් කෙල්ලො කියල හිතෙනවද මන්ද..??ටිකක් පොඩි පංතිවලට උගන්නන්න හිටියෙ A/L එහෙම කරල රිසාල්ට් එනකන් වාගෙ ගෙවල්වල හිටපු කෙල්ලො තමා.ඉතින් ඉරිද දවසට උදේ වහිනවනම් එහෙම ඊට වැඩිය දෙයක් නෑ.ඇයි එතකොට යන්න බෑ කිව්වම ගෙදරින් පොඩි සමාවක් වාගෙ තියනවනෙ.අනික පංසලට යන්න තිබුනෙත් කුඹුරු වල නියරවල් ,ඇලක ඒ දන්ඩක් එහෙමත් පහු කරල.ඒක හින්ද වැහි දවසට ෂේප්.පොඩිම කාලෙ ඔහොම උනාට හය,හත වසර වලට එනකොට උදේ යන එක තමයි කම්මැලි.ගියාට පස්සෙ ගමේ අහල,පහල ගැන්සියට සෙට් වෙන හින්ද පොඩි ගතියක් තියනව.පංසල් වත්තෙ තියන අඹ ගැටයි,ලොවි ගැටයි ඔක්කොටම දවල් වෙන්න කලින් ගේම හම්බ වෙනවා.ලොකු හාමුදුරුවො ටිකක් විතර ප්‍රසිද්ධ ටියුෂන් කරණ හාමුදුරු කෙනෙක්.ඒක හින්ද ඉරිදට ඉතුරු වෙන්නෙ විහාර වාසී හාමුදුරු දෙනමක් විතරයි.වැඩි වයසක් එහෙමත් නෑ.කොල්ලො එක්කත් ‍ෆිට් එක හින්ද කොහොමත් අවුලක් උනේ නෑ.විස්තර වැඩියි වාගෙ.හරි,කතාව කෙටියෙන් කියමුකො.


ඔන්න අපි දැන් දහය වසරෙ.මල් සරා ලාවට ,ලාවට වාගෙ හදවතට තට්‍ටු කරන්න පටන් ගත්තා.ඔහොම තට්‍ටු කර,කර ඉන්නකොට 9 වසරෙ හිටපු ලස්සන රෝස මලක් දැකල විද්දෙ නැද්ද සරා ඊතල මිටියක්ම.ඒ තමයි "භාග්‍යා".මෙයාගෙ හොඳම යාළුවත් හිටියෙ ඒ ක්ලාස් එකේමයි.ඒ තමයි "දුල්මිණි".ඒ දවස් වල බ්ලොක් කට් එහෙම ගහල දුල්මිණිත් මාරම ලස්සනයි.කොහොම හරි දහම් පාසලේ හිටපු ලස්සනම කෙල්ලො දෙන්න.දැන් ඉතින් ආයෙ අමුතුවෙන් කට්ටියට කියන්න ඕනෙ නෑනෙ ප්‍රස්ට් ලව් එක හැම තැනටම වැදුනහම දැනෙන සනීපෙ කොහොමද කියල.ඉතිං ඕක මම ඉස්සරවෙලාම කිව්වෙ එතකොට මගෙ හොඳම යාළුව වෙලා හිටපු 'රුවන්"ට.

"මචං භාග්‍ය මාර කෑල්ල බං,මම ඒකට ට්‍රයි".
"ඕකට උන්ගෙ ස්කෝලෙ ප්‍රසන්නයත් ට්‍රයිලු".
ප්‍රසන්නය එතකොට 12 පංතියෙ.අපිට වැඩිය වැඩිමල්නෙ.අනික මෙයාල ඔක්කොම ගමේ ස්කෝලෙ.අපි විතරයි පිට ස්කෝල වල.අනික අපිට වැඩිය වැඩිමල් බුවාලට අපි හරි බයයි.අනික ප්‍රසන්න කියන්නෙ ටිකක් උස එහෙම මාර හැන්ඩි බුවෙක්.දැන් මාර අප්සෙට්."ප්‍රසන්නය දාගෙනද දන්නෙ නෑ බං ඉන්නෙ?"."හරියටම කියන්න බෑ බං,සමහර විට නැතුව ඇති.කෝකටත් උන්ගෙ පංතියෙ බච්චෙකුට පොඩි ටෝකක් දාල බලමුද?".ඔන්න ඉන්ටවල් වෙලාවෙ එයාලගෙ පංතියෙ හිටපු අහිංසක කොල්ලෙක් අල්ලගෙන පොඩි විස්තර ටිකක් දැන ගත්තා.වාසනාවකට ප්‍රසන්නය තාම දාගෙන නෑ.ඒ උනාට ඌ බැහැල ට්‍රයි.අප්සෙට් එක තවත් වැඩි මට මෙයාව දකින්නවත් හම්බ වෙන්නෙ ඉරිදට විතරයි.ඒකත් සමහර දවස් වලට එන්නෙත් නෑ.ප්‍රසන්නයට චාන්ස් ගොඩයි.එක ස්කෝලෙ,එහෙන් ඌ ප්‍රිෆෙක්ට් කෙනෙක්.ප්‍රිෆෙක්ට්ලට එහෙම ස්කෝල වල කෙල්ලන්ගෙන් හෙන ලකුණුනෙ.අනික මූ කොණ්ඩෙ එහෙමත් එල පාරට හදල තිබුනෙ.අපේ ස්කෝලෙ කොණ්ඩ හදනව තියා ටිකක් වටෙන් සුදු වෙලා තිබුනත් සොරිම තමා.ආයෙ ගේට් එකෙන් ඇතුලට යාම බොරු.ඔය ඉතිං ඒ දවස් වල කෙල්ලො වැටෙනව කියල හිතාන හිටපු විදි.කොණ්ඩෙට,ෂර්ට් එකේ බැගියට,කලිසමේ පෝල්ට් එකට.....හික්......හික්.....

දැන් මේ සියළුම දෙනා අපේ ගමේ. ස්කෝලෙ තියෙන්නෙත් ගෙවල් කිට්‍ටුව.ට්‍රයි කරන්න අරන් සති දෙක තුනටි ගියෙ,මෙන්ටල් එක පුල්ම අප්සෙට් ගැහුවා.ඉරිද හවසට හිත නිකං පාළු සොහොන් පිට්ටනියක් වාගෙ.වැඩේ කියන්නෙ තාම කෙල්ල හීනෙන්වත් හිතල නැතුව ඇති මම ට්‍රයි කියල.කොහොම හරි මාසයක් විතර උදේට බලෙන්ම ගුඩ් මෝනින් කිව්වා,මල් වට්ටි ගේන්න යන වෙලාවට එයාල බුදු ගේ ඇතුලට යන්නෙ නෑ බයයි,අපි ඉතිං වීරයො වාගෙ එව්ව ගෙනත් දෙනවා.තව ඔය වාගෙ පොඩි,පොඩි විවිධ ක්‍රියා.

මට දැන් මේක ලියන්න බෑ වාගෙ අප්පා....කෙල්ල මැවිල පේනවා.හොයාගෙන ගිහින් ආයෙ ආදරේ ඉල්ලන්න හිතෙනවා.ෂිහ් ඒ එකක්වත් හිටියනම් අකේලේ ජීවිතේට....
ඔහොම ,ඔහොම යනකොට කෙල්ලට ටිකක් විතර වැඩේ මීටර් උනා.
"මචං භාග්‍යාගෙන් අහමුද?"
"එක පාරටම අහන්න යන්නෙ නැතුව ලියුමක් දෙමු."
"වැඩේ අවුල් වෙයිද?"
"නෑ දුල්මිණිට දෙමු යාළුවට දෙන්න කියල".
එල,එල ඔන්න දැන් පුරා දවස් හතරක් දිවා රෑ නොබලා මහන්සි වෙලා ලිව්වා ප්‍රතම පෙම් හසුන.කොහොම හරි ඊලඟ ඉරිදාවත් උද උනා.උදේම ගිහින් ඝන්ඨාර කුළුණ ලඟට වෙලා බලන් ඉන්නකොට ඈතින් ගුරුපාර දිගේ දෙන්නම එනවා.උදේ පීරියඩ් දෙක ඉවර වෙලා ඉන්ටර්වල් එකේ මේ දෙන්න විතරක් තනි උන වෙලාවක් බලල බයෙන්,බයෙන් යාළුවට කතා කලා.
"දුල්මිණි,මේක භාග්‍යාට දෙනවද?"
"මො....කක්......ද????"
"ඔයා මේක දෙන්නකො...."
"අපෝ.......මට බෑ..."
"ප්ලී.....ස්.... දෙන්න නංගි."
ඒ වෙලාවෙ මූනෙ තිබුන අසරණ බාවය දැක්කනම් ඕනෙම කෙල්ලෙක්ගෙ හදවත් උණු වෙලා වැක්කෙරෙන සයිස්.වැඩේ හරි,දුල්මිණි ළාවට වාගෙ අත දික් කරා..

අප්පට සිරි 11යි.දැන් ඉතින් නිදියෑවෙ නැත්තන් නයිට් කරණව බොරු.ඒක හින්ද ඉතුරු ටික හෙට තමා ලියන්න වෙන්නෙ.මහා ...ලොකු කතාවක් වාගෙ නේද..?මොනව කරන්නද,මගෙ කතාව මට ලොකුයි නොවැ.

Saturday, January 8, 2011

ආදර කතාවක්නම් නෙමෙයි,හැබැයි කෙල්ලො දෙන්නෙක් ගැන සීන් එකක්............









මූ නං මහ මොකෙද්ද මන්ද,කොයි වෙලාවෙත් කෙල්ලො ගැනමයි කියවන්නෙ කියල කට්ටියට හිතෙනවද දන්නෙත් නෑ.මේ දවස් වල එහෙම තමයි.කෙල්ලො ගැනම තමා කල්පනා වෙන්නෙ.හරියට එකක් මීටර් උන දාට ඔන්න මේ කතා නවතින්න ඉඩ තියනව.ඇයි ඊට පස්සෙ වෙන වැඩ තියනවනෙ.ඊට කලින් තියන ටික ලියල දානව.හැබැයි ලිව්ව වාගෙ නෙමෙයි,ගෙදර යන්න බැරි වෙන සීන් එකක් වෙයිද දන්නෙ නෑ කියල හැමදාම හිතෙනව.එහෙන් ප්‍රදීපය සේරම දැනගෙන "උඹ ලංකාවට වරෙන්කෝ........."කියල ඉන්නවද දන්නෙත් නෑ.අරහෙන් සුමුදුගෙ පවුල කැඩිලද දන්නෙත් නෑ.බැඳපු බුවා මේක කියවල.ඔක්කොම හරි දැන් මේක.අල්ලපු ගෙදරනෙ.ඔන්න ඔහෙ කමක් නෑ.ගෙදර ඉන්න බැරි උනොත් අර සඳරුවලගෙ පැත්තටවත් ගිහින් හේනක් කොටාගෙන පැල් කොටයක්වත් අටවගෙන ඉන්නව.ආ......තව පෙළවහකුත් කොරගෙන.මොනව නැතත් ඒක නැතුව බෑනොවැ.හික්.........

අපේ අසල් වැසි කෙල්ලො දෙන්න ගැන පොඩි කතාවක් දවසකුත් කිව්වනෙ.මේවත් මේ උන් දෙන්න මට චාටර් උන සහ මට උන් දෙන්න චාටර් උන පොඩි,පොඩි සීන්.

කෙල්ලො දෙන්න අක්කයි,නංගියි.ගින්දර කෑලි දෙක.ලොකු එක ගිනි ගන්න ඔන්න මෙන්න සයිස්.පොඩි එක රවීනගෙ බඩිය.(රවීන කිව්වෙ "රවීනා තන්ඩන්")මොකද ගමේ කොල්ලො ඉස්සර ඒකිව හැඳින්නුවෙ එහෙමයි.මේ දෙකේ නමුත් මාර නං.ලොකු එක "කාමිනී".පොඩි එක "ජීවනී".හැබැයි නම් තියපු බුවානං අනාගතේ හොදට දැකල නම් තියල තියනවා.මෙයාල ගමේ කොල්ලන්ට ගනන් උනාට මට නං ඉතින් මල්ලි කියනවා.නම කියනව,ආඩම්බර කමක් නෑ හොඳට කතා බහ කරණවා.මෙයාල මට වැඩිය අවුරුදු දෙක තුනක් වැඩිමල් හින්ද මමනං හැමදාම නම කියල පස්සෙ අක්ක කෑල්ල දාල තමයි කතා කෙරුවෙ.මූන බලාගෙන අක්ක කියල කියන්න හිතෙන්නෙ නෑ..........ඒත් ඉතින් මොනා කරන්නද???

ම්........ඔන්න මම චූටි කාලෙ.ඒ කියන්නෙ අවුරුදු 8ක් 9ක් විතර ඇති.ගමේ ස්කෝලෙ තියෙන්නෙ අපේ ගෙවල් ලග.හවසට අපි වටේ පිටේ ඇටයො ටික සේරම ඕකෙ බෝල ගහන්න යනවා.ඉතින් එක දවසකුත් හවසක එකෙක් "දිනේෂය වරෙන් ඉක්මණට........අපි යනවා..........."මොකද ගේ ලගට ඇවිත්ම කතා කරන්නෙ නෑ.තාත්ත හිටියොත් "හැම තිස්සෙම සෙල්ලමමයි" කියල අරුන්ටත් බනින හින්ද.සද්දෙ ඇහුන විතරයි මාත් ඉක්මණට කලිසන් කොටයක් ගහගෙන යන්න ලෑස්ති උනා.මල පනිනම වැඩේ උනේ එතකොට තමයි.අහූනේ නැද්ද අවයවේ සිප් එකට.උන් හිටි තැන් අමතක උනා.ඕක අහුවෙච්ච එකෙක් එහෙම ඉන්නවනම් දන්නවනෙ එතකොට දැනෙන ආතල් එක.පුළුවන් තරම් හයියෙන් කෑගහල ඇඬුවා.ඉස්සරවෙලාම අම්ම දුවගෙන ආවා.අම්මට මේක ගලවන්න සිහියක් නෑ.මාව තුරුළුකරගෙන ඉන්නවා.ඊට පස්සෙ චූටි පුංචි.එයා හොඳටම බය වෙලා,ගලවන්න ට්‍රයි කලා.කොහෙද බෑ.මම පුංචිටත් පයින් ගහල තව හයියෙන් අඬන්න උනා.එතකොටම ආවෙ නැද්ද එහාගෙදර ඇන්ටියි කෑලි දෙකයි.විලි ලැජ්ජාවෙ බෑ.ඇන්ටි ඉක්මණට බලල,"පුතේ සබන් කැල්ල ගේන්නකො" කිව්ව ලොකු එකට.අනේ ඉතින් ඒකිත් දුවගෙන ගිහින් ඒකි ගාන සබන් කෑල්ලද මන්ද ගෙනත් දුන්නා.හික්...........දැන් කට්ටිය ඔපරේෂන් එක.මල පනිනම වැඩේ අරුන් දෙන්න කට ඇරන් මේක දිහා බලන් ඉන්න එක.වේදනාවයි,ලැජ්ජාවයි ....දැන් මට මේක එපා වෙලා.ඔන්න කොහොම,කොහොම හරි සබන් එහෙම අතුල්ලල ඇන්ටි වැඩේ ගොඩ දාල දුන්නා.අම්මෝ.......නිවන් ගියා වාගෙ.ඒ උනාට ටිකක් ලොකු වෙනකනුත් අරුන් දෙන්න සබන් කතාව කිය කියා මාව නෝන්ඩි කලා.මොනව කරන්නද ඉතින් හිතල කොර ගත්ත එකක්යැ.

මේ සීන් එකේදිනං මම අම්බානකට චා උනා.මොකද ඕක උනේ ටිකක් විතර ලොකු කාලෙදි.ඔය ඇටෑච් බාත් රූම් තිබුනට මට වත්ත කෙරවලේ තියන පරණ වැසිකිළිය තරම් අර වැඩේට ගේ ඇතුලෙ නිදහසක් නෑ.දන්නවනෙ ඉතින් ටිකක් සද්දෙ එහෙම දාල වැඩේ කරණකොටනෙ ගතිය තියෙන්නෙ.ඔන්න දවසක් දවල්ට කාල එහෙම 1ට 1.30ට විතර ඕකට ගිහින් දොර එහෙම හොදට ඇරගෙන රටේ නැති එව්ව කල්පනා කර,කර වැඩේ කරණවා.ටික වෙලාවකින් සරම වදයක් වාගෙ දැනුන හින්ද ඒක ගලවල අරන් බිත්ති කොන්දක් උඩින් දැම්මා.අම්මා............දැන් ෂෝක්...හුලං පාර එහෙමත් සැපට වදිනවා.........අපේ අසල්වැසි ගෙදර තාප්පෙ ලග තියනව ලොකු පේර ගහක්.විනාඩි 5ක්වත් ගියෙ නෑ,

"අපරාදෙ අක්කෙ ලොකුම ගෙඩිය සත්තු කාලා.........."

මට තරු විසි උනා.පොඩි එක පේර ගහේ.මම ඉන්න තැන හෙන ගැහුව වාගෙ පේනවා.මීටර් 50ක් වත් නැති තරම්.හෆොයි එදානම්.............!!


ඔය අල්ලපු ගෙදර හිටිය ඒ දවස් වල පොමනේරියන් බල්ලො දෙතුන් දෙනෙක්.බල්ලො කිව්වට බල්ලො එකයි බැල්ලියො දෙන්නයි.අපේ ගෙදරත් හිටිය වල් බල්ලෙක්.වල් කිව්වෙ හික්.........හික්..............තාත්ත කොහෙන්දෝ ඇහිදගෙන ආපු එකෙක් හින්ද.බ්‍රෑන්ඩ් වල එකෙක් නෙමෙයි.ඔන්න දවසක් ලොකු එක එහෙ බල්ලෙක්ගෙ නම කිය,කියා අඬගහනව ඇහෙනවා.මමත් නිකමට වාගෙ ගෙයින් එලියට බැහැල බැලුවා.අප්පට සිරි....!මේන් ඒ බැල්ලි අපේ වත්තට ඇවිත්.අපේ එකාටත් පිනා චාන්ස්.චීස් කෑල්ලක් අහු උනා වාගෙ ඇති.දෙන්න හෝ ගාල වැඩ.එතකොටම ලොකු එක අපේ ගේට් එක පැත්තට එනව ඇහුන හින්ද මම හිමීන් ගෙට රිංග ගත්තා.මොකද ඔය වැඩ කඩාකප්පල් කරන්න ගිහින් නිකන් පව් පුරෝ ගන්න ඕනැයැ.හික්...........එතකොටම ඒකි සීන් එක දැක්කා."අම්මේ................" කියාගෙන ගෙට දිව්වා.ටිකකින් ඇන්ටි ඇවිත් "පිංකි"ව නිදහස් කර ගන්න හදනවා.(පිංකි කිව්වෙ බැල්ලිගෙ නම) මොන පිස්සුද...??පිංකි වත්ත හතර වටේ දුවනවා.අපේ එකත් වැඩේ අතාරිනව කියලයැ.කොහොම හරි පැය බාගයක් විතර දඟලල ඕං බාන්ඩෙ අල්ල ගත්තා.මගෙ දැනුං තේරුම් කමේ හැටියටනම් ඒ වෙනකට ඉතින් පිංකිට බඩු හරිවෙන්න ඕනෙ.

තව ටිකක් ලොකු සීන් දෙකකුත් තියනව.ගෙදර යන්න කලින් හිතුනොත් ඒ දෙකත් ලියලම යනවා.මොකද වැඩේ මාට්‍ටුනම් එහෙම ඔවුන් දෙන්න මගෙ කොලර් එකෙන් අල්ලගෙන "ඇයි තමුසෙ ඒ දෙකත් ලිව්වෙ නැත්තෙ.ඒකත් ලියන්න එපායැ" කිව්වොත් එහෙම.හික්.......හික්.........

Tuesday, January 4, 2011

මිතුරාගෙ පෙම්වතිය සමග සිරිපා කරුණාව..................මෙහෙමත් කෙල්ලෝ.............!!!







මෙහෙමත් කෙල්ලෝ කියල කිවෙ ඉතින් මේ ලියන එකා කොල්ලෙක් හින්ද.කියවගෙන යනකොට මෙහෙමත් කොල්ලො කියල කට්ටියට හිතෙන්නත් පුළුවන්.ඕං එතකොට වරදවා හිතනව එහෙම නෙමෙයි.මේ සීන් එක කලින් ප්ලෑන් කරල වෙච්ච දෙයක් එහෙම නෙමෙයි.සියල්ල අහඹු සිදුවීම්.මේකනම් මගෙ පටි හොඳටම රෝල් වෙන කතාවක්. ටැංකියෙ ගෝල්ඩ් ‍fish කොලුවත් දවසක් අවවාද කෙරුව ලියන මඟුලක් ව්‍යංගාර්තයෙන් ලියපන් මෙහෙම කෙලින්ම ඇදල දාන්නෙ නැතුව කියල.වැටෙන්න ඉන්න බඩුවක්වත් වැටෙන්නැති වෙයිලු.යාළු මාළුවගෙ කතාවත් ඇත්ත තමා.ඔන්න ඔහෙ ඕනෙ මඟුලක්.....මේ පැත්තෙ ඉතින් ට්‍රයි කරණ කෑල්ලකුත් නෑනෙ.තාම අපේ ගෙවල් කිට්‍ටුව කවුරුවකුත් මේ බ්ලොගය කියවපු පාටක් නෑ.ඒක හින්ද ඔන්න ඔහෙ අවුලක් නෑ.


දැන් මේ සීන් එකේ කොල්ලගෙ නම "ප්‍රදීප්" . ඌ මගෙ ඒ දවස්වල බොක්කක්.කෙල්ල "චතුරිකා". දෙන්නම අපේ ගමේ.ටිකක් ගෙවලුත් කිට්‍ටුව.චතුරික මගෙ කෑල්ලව එහෙමත් හොඳට දන්නවා.මොකද සමහර දවස් වලට ප්‍රදීපයයි මමයි කෑලිත් එක්ක ‍ෆිල්ම් බලන්න යන්නෙ එකට.ඉතින් කෙල්ලත් එක්ක ‍ෆිල්ම් එක බලල හෝල් එකෙන් එලියට එනකොට ඇතුලෙදි විවිධ ශිල්ප දක්වන්න ගිහිල්ල කෑල්ලගෙ ඇඳුම් එහෙමත් ටිකක් පොඩි වෙලානෙ තියෙන්නෙ. හික්..........අපේ නම් ඔය ඩෙනිමෙයි ටීයෙයි මොනව පොඩි වෙන්නද..?එහෙම ඉතින් එලියට ආපුවාම ඇතුලෙදි ගැලවුන ක‍ටු,පටි,බොත්තම්,අයිලට් එහෙම නැවත පෙර තිබූ පරිදි සකස් කර ගන්නෙ ඒ දෙන්නගෙ සහයෝගෙන්.ඔහොම ,ඔහොම ඉතින් ඒ දෙන්නට දෙන්නත් යාළුවො උනා.


ඔය විදියට කාලෙ ගෙවීගෙන යනකොට එක මාර්තු මාසෙක ගමේ අපේ අසල් වැසියො ටික සෙට් උනා සිරීපාදෙ යන්න.පහලොස් දෙනෙක් විතර හිටියා.අපේ ගෙදරින් මමයි,චතුරිකාලගෙ ගෙදරින් එයයි අක්කයි,අක්ක බැඳපු අයියයි තමා විශේෂෙකට හිටියෙ.අනිත් අය අහල පහල මැදි වයසෙ බුවාල බුවියො.ආ..........කලින් කියන්න බැරි උනා.ප්‍රදීපයගෙ ලව් එක චතුරිකාලගෙ ගෙදරට මාට්‍ටු වෙලා දෙපැත්තෙන්ම හෙන කේස් වැටිල තිබුනෙ ලව් එකට.ඒ උනාට දෙන්නගෙ ප්‍රේමයනම් සැමට හොරෙන් සුන්දරව ගලාගෙන ගියා.දැන් ඔන්න අපි ට්‍රිප යනවා.හවස තුන හතර විතර වෙනකොට නල්ලතන්නිය කිට්‍ටුවට ලඟා උනා.සති අන්තයක් හින්ද කට කපල සෙනඟ.කොහෙදෝ ගාමන්ට් එකක හෙන සෙට් එකකුත් බැහැල.මගෙ අම්මෝ..........!!එතනත් කෙල්ලො හාර පන්සීයක් විතර ඉන්න ඇති.දැන් ඉතින් ඔව්ව දිහා බල බලා අපේ නඩෙත් සිරිපා කරුණා කරන්න සූදානම් උනා.

අපේ සෙට් එකේ හිටපු උන්නම් මෙලෝ රහක් නෑ.ටිකක් ‍ෆිට් එකෙකුට හිටියෙ චතුරිකාගෙ මස්සිනා. අපි හතර දෙනා ටිකක් වෙනමම වාගෙ ගමන ආරම්බ කෙරුවා.ඒ උනාට හැම තිස්සෙම නඩේ අය පේන දුරින් වාගෙ තමා හිටියෙ.අපි ඉතින් මුල හරියෙදි පඩි ගනන් කරන්න පටන් අරන් අනිත් අයට කලින් කලින් වාගෙ උඩට යැවුනා.කොහොම හරි සාම චෛත්‍ය හරියට එන්න හම්බ උනේ නෑ,අපේ සෙට් එක මඟ ඇරුනා.දැන්නම් ටිකක් විතර පදිරිත් උනා.පැය බාගයක් විතර බලන් හිටිය අපේ එක්කෙනෙක් හරි එයි කියල.ම්......හු... නෑ.මේ බලන් හිටපු ටිකට අපිව පහු කරගෙන ගියාද දන්නෙත් නෑ.කොහොම හරි දැන් සෙනග ගොඩේ අපි දෙන්න අතරමං උනා.කෙල්ල කියනව

"අනේ දිනේෂ්...ඉක්මනට අක්කල හොයා ගන්න, මට බයයි "

කියල.ඉතින් දෙන්න ටිකක් ආපහු පල්ලෙහාටත් ගියා.මොන පිස්සුද කවුරුවත් නෑ.ඒ පාර දැන් කරන්න දෙයක් නෑනෙ.මම

" අපි දෙන්න උඩට යමු.සමහරවිට මගදි කට්ටිය හම්බ වෙන්නත් පුලුවන්"

කියල කෙල්ලගෙ හිත ටිකක් හැදුවා.ඔන්න දැන් ප්‍රදීපයගෙ බඩුවයි මායි සිරීපාදෙ නගිනවා.කෑල්ල සිරා පාර.ඕනැම එකෙකුට දෙපාරක් හැරිල බලන්න තරම් ලස්සනයි.එතකොට එකට 19ක් විතර ඇති මගෙ හිතේ.මටත් 21යිද කොහෙද..කොහොම හරි පඩිපෙල් එහෙම මග ඇරල ෂෝට් කට් වලින් වැටවල් වලට එහා පැත්තෙන් තියන පස් කන්ඩි උඩින් පැන,පැන අපි දෙන්න ඉඳික‍ටු පාන ලඟට කිට්‍ටු කලා.ඔය යන අතර තුරේදි කැල්ලට පොඩි,පොඩි වාරු දෙන තැනුත් කීපයක් තිබුනා.සමහර තැන්වලදි එයාම අතේ එල්ලෙනවා.ඉඳික‍ටු පාන හරියෙ ඉදන්නම් පඩියක් උඩට නඟින්න විනාඩි දහයක් විතර එක තැන ඉන්න උනා.දැන් දෙන්නගෙම කකුල් එහෙමත් අම්බානකට රිදෙනවා.සෙනග වැඩි කමටම ප්‍රදීපයගෙ කෑල්ලත් මට හිරවෙලා අත හයියෙන් අල්ලගෙන ඉන්නවා.ටිකකින් හිමීට වාගෙ,
"කකුල් රිදෙනවා....."
ඒ පාර ඉතින් පව්නෙ අප්පා......කෙල්ලව ඉස්සරහට අරන් ඉන වටේ අත්දෙක දාල පොඩි සපෝට් එකක් දුන්නා.කොහොම හරි එහෙම විනාඩි දහයක් විතර ඉන්න ඇති.දැන්,දැන් සීතලත් උපරිමෙන් දැනෙනවා.මෙන්න බොලේ උඩ ඉදන් කවුද සෙට් එකක් පොඩි එකෙකුට හීතලේ වැඩි වෙලා අසනීපයි කියල කඩාගෙන බිදගෙන පල්ලෙහාට එනවා.ඒ බුවාලගෙ තල්ලුවත් එක්කම කෙල්ලගෙ ඉන වටේ දාගෙන හිටපු අත් දෙක..........අඟල් 15ක් විතර උඩට ආවනෙ.හික්.........හික්.........දැන් අර මොකද්ද ----------නිමල නිල් ජලාසෙ පැත්තෙ.ආපහු අත ගන්න හිතෙන්නෙත් නෑ."ගනින් අත......,ගනින් අත.....,දැන් දැන් කම්මුල් පාර ලඟයි.....,අත ගනින්......"ම්....හිත කියන තරම් අවුලක් නෑ වාගෙ.කෙල්ල කිසි කලබලයක් නෑ.එතකොටම මොකෙද්ද එකෙක් අපි හිටපු තැනින් ඇදල තිබුන කරන්ට් වයර් එකක් පටලගෙන..ඔන්න මීටර් 500ක් විතර දුරට ලයි‍ටුත් නැති උනා.දැන් පට්ට කළුවරයි.ලඟ ඉන්න එකා පේන්නෙ නෑ.


විනාඩි දෙක තුනක් යන්න ඇති.

"දි....නේ......ෂ්...සීත......ලා......යි....."

කියන ගමන් මේං යකෝ කෙල්ල අනිත් පැත්ත හැරිල මාව බදා ගත්තෙ නැතෑ....!! මොකද්ද බොලේ මේ වෙන්නෙ......!හීනෙන්වත් හිතපු නැති දෙයක්නෙ මේ.ප්‍රදීපය එහෙම දන්නවනම්........!!!!ඌ දැන් මේ වෙලාවට මෙයා ගැන හීන දැක,දැක නිදි ඇති.මෙයා මෙහෙ වෙන කොල්ලෙක්ගෙන් උනුසුම ඉල්ලනවා.මල හු**යි.මට මෙලෝ සංසාරයක් හිතා ගන්න බැරි උනා."කොහෙද මේ ඉන්නෙ......,මොකද මෙච්චර සෙනඟ.." "ටිකකට උන් හිටි තැනුත් අමතක උනා.බොහොම අමාරුවෙන් පියවි සිහිය අරගෙන යාන්තම් තව පඩියක් උඩට නැග ගත්තා.කෙල්ලටත් ක්ෂණිකව මොකක් හරි සීන් එකක් උනා.තාම එහෙම්මමයි.....

"තව ගොඩක් දුරද....??"

යාන්තමට කොඳුරණව ඇහුනා.

"දන්නෑ චතූ......මොනාවත් පේන්නෙ නෑ...."

මේන් "චතූ" ලු. මෙච්චර වෙලා නංගි,එහෙම නැත්තන් "චතුරිකා" කිය කියා හිටියෙ. ඔන්න ටික,ටික ග්‍රහනය ලිහිල් වෙන්න ගත්තා."බඩගිනියි අනේ.....බිස්කට් තිබුන නේද...?"ඉක්මනට මම බෑග් එකෙන් බිස්කට පැකට් එකක් අරන් කැඩුවා.තාම ලයිට් නෑ.බිස්කට් එකක් එහෙම කන ගමන් ටික,ටික අපි මහ ගිරි දඹේ පැත්තට ඕං සේන්දු උනා.දැන්නම් කලින් දෙන්න අතර තිබුන නුහුරු නුපුරුදු ගතිය නෑ,නෑ වාගෙ.කාලයක ඉදන් දන්න කියන කෆල් එකක් වාගෙ. හැබැයි දෙබස් අඩුයි.ගමන විතරයි.ඇයි ඉතින් මොනව කතා කරන්නද....?අපි මේ වෙන වෙන අයට අයිති කට්ටියනෙ.කොහොම හරි යාන්තම් ඔන්න මළුවට කරුණාකර ගත්තා.අතල්ම වැඩේ කියන්නෙ මළුවෙ ඉර සේවෙ බලන ගමන් මෙයා කියනව

"අයියෙ ඔයාට ගොඩක් thanks මාත් එක්කම ආවට.ප්‍රදීප්ට මගෙ ආදරේ බිංදුවක්වත් අඩු උනා කියල එයාට කියන්න එපා"

කියල.අනේ අම්මපා...............මම හින්ද හොඳයි.දැන් මෙතන වෙන කෙනෙක් හිටියනම් එහෙම ඒත් ඔය ටිකමනෙ වෙන්නෙ.දැන්නම් මුකුත්ම ඔළුවට එන්නෙ නෑ.යාන්තන් ඉර සේවෙ බලල අපි ආපහු එන්න පිටත් උනා.අපේ නඩේ කවුරුවත් මේ වෙනකන් හම්බ උනේ නෑ.කන්ද නගිනකොට වාගෙ නෙමෙයි බහිනකොට වැඩිය ගේමක් නෑ.සෙනගත් නෑනෙ.ආපහු සීත ගඟුල දිහාට එනකොට කෙල්ලගෙ ටච් එක සම්පූර්ණයෙන්ම වාගෙ නැතුව ගියා.දැන් දෙන්න දෙපැත්තෙ.හිතට මහා හිස් කමක් වාගෙ දැනෙන්න උනා.චතුරිකත් බිම බලාගෙන යනවා.ඔන්න මතක් උනා මළුවටම එකයි කියල ගත්තු සුරුට්‍ටු දෙක.අප්පේ .....කටත් ඉඩ මදි වාගෙ .ඔන්න ඔහෙ ඕනැ එකක්.පත්තු කරල ඇද්ද උගුරක්.අම්මෝ.............දැනෙන සැහැල්ලුව.
"විසික් කරන්නකො ඕක..,මොකද්ද ඔය"
ෂිහ් ....කොයි කෙල්ලත් එකයි.මගෙ එකත් ඒ වාගෙ ,යාළුවගෙ එකත් ඒ වාගෙ.කොහොම හරි අපි වෑන් එකට ගිහිල්ල පැය තුනක් විතර ගියාට පස්සෙ තමා අනිත් අය එක්කෙනා දෙන්න ආපහු ආවෙ.යන්තන් 11ට විතර සේරමල සෙට් උනාට පස්සෙ ආපහු ගෙදර එන්න පිටත් උනා.ඔන්න ඔහොමයි මිතුරගෙ පෙම්වතියත් එක්ක සිරීපාදෙ ගියෙ 2002 දි.



ප:ලි- --------- = රණ හංස යුවල